කූඩාරම 05 – වීඩියෝව
මීට පෙර සති කිහිපයේ අප ඉගෙන ගත් කූඩාරම පාඩම් මාලාවේ Tent Stake ගැන දැනුම තවත් පියවරක් ඉදිරියට තබමු.
කූඩාරම සහ Tent Stake සම්බන්ධ කිරීමට වැදගත් වන Guy-line එක සමඟ එන ගැට කිහිපයක් මේ වීඩියෝවෙන් ඔබ වෙතට.
Hiking සහ Back-Country Camping වෙනුවෙන් භාවිතා වන කූඩාරම වෙනුවෙන් සැකසු මේ වීඩියෝ පෙළ ඒ සඳහා දැනුම ලබා ගැනීමට අපේක්ෂා කරන ඔබ වෙනුවෙන්මයි.
මේ වීඩියෝවට අදාල තරඟය ජයග්‍රහණය ලැබූ අයට අපගේ උණුසුම් සුබ පැතුම්.
Hiking එක්ක තව බොහෝ දේවල් පිලිබඳ අලුත්ම විස්තර සඳහා අපගේ පහත සමාජ මාධ්‍ය සමඟ එකතු වන්නට ඔබට ආරාධනා..
කූඩාරම සහ Tent Stake සම්බන්ධ කරන්නට ලණුව දිග මදි නම් ඒ සඳහා යොදා ගත හැකි ගැටය කුමක්ද?
මෙහි අසන ප්‍රශ්නයට Single Elephant Youtube චැනලයට හෝ Facebook පිටුවට හෝ මේ ලිපිය අවසානයට Comment එකක් වශයෙන් පහත කොන්දේසි වලට යටත්ව පිළිතුරු ලබා දී රුපියල් 2500/=ක මුදලක් ඊළඟ Hiking හෝ Camping ගමන වෙනුවෙන් දිනා ගන්න. (තරඟය අවසන්)
දිග ගමනකට එකතු වෙන්න..
මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.
වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ
මෙහි ඇති තරඟයේ (අවසන්වූ) කොන්දේසි.
01. ශ්‍රී ලංකාව තුල දැනට පදිංචි අයට මේ තරඟයට සහභාගී විය හැකිය.
02. නිවැරදි පිළිතුර ලබා දෙන එක් ජයග්‍රාහකයෙකුට රුපියල් දෙදහස් පන්සීයක (රු.2500/=)ක මුදලක් singleelephant.com පිටුවේ ශ්‍රී ලංකාවේ Hiking සහ Camping නාමාවලියේ කොළ පැහැය යටතේ අප වෙත විස්තර සනාථ කරන ලද ඔබ කැමති වෙළඳ ව්‍යාපාරයකින් භාණ්ඩ මිලදී ගැනීමට හෝ කුලියට ගැනීමට හෝ සේවයක් ලබා ගැනීමට භාවිතා කළ හැකිය.
03. මේ තරඟයට සහභාගී වීම සඳහා කිසිඳු මුදලක් අය නොකෙරේ.
04. තරඟයට පිළිතුරු ලබා දිය හැකි අවසාන දිනය 2021 අගෝස්තු මස 09 වන දිනයයි.
05. තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ඔබ ඉහත වීඩියෝව ඇතුලත් Single Elephant තනි අලියා YouTube චැනලය Subscribe කර හෝ අපගේ Facebook පිටුව Single Elephant තනි අලියා Like කර තිබිය යුතුය. Facebook හරහා ඔබ Comment කරන්නේ නම් අමතරව ඔබ අදාල Post එක Share කළ යුතුය.
06. මේ තරඟය සඳහා YouTube ආයතනයේ හෝ Google ආයතනයේ කිසිඳු සම්බන්ධයක්, අනුග්‍රහයක් හෝ වගවීමක් නොමැත.
07. මේ තරඟය සඳහා Facebook ආයතනයේ කිසිඳු සම්බන්ධයක්, අනුග්‍රහයක් හෝ වගවීමක් නොමැත.
08. මේ තරඟය හරහා කිසිඳු පුද්ගලයෙකුගේ පුද්ගලික තොරතුරු එකතු කිරීම හෝ ගබඩා කිරීමක් සිදුනොකරනු ලැබේ.
09. සහභාගී වන පුද්ගලයෙක් විසින් නිවැරදි පිළිතුරු කිහිපයක් ලබා දී ඇත්නම් එක් පිළිතුරක් පමණක් පහත කොන්දේසියට යටත්ව පිළිගනු ලැබේ.
10. Facebook පිටුවේ එක් පිළිතුරක්ද YouTube චැනලයේ තවත් පිළිතුරක්ද ලබාදී ඇති නම් අවස්ථාවන් දෙකක් වශයෙන් එය සලකණු ලැබේ.
11. මෙම ලිපියේ comment කිරීමෙන්ද අතිරේක අවස්ථාවක් ලැබෙන අතර ඔබව සම්බන්ධ කළ හැකි විද්‍යුත් ලිපිනයකින් පමණක් Comment කරන්න.
12. මේ වෙබ් පිටුවේ ඔබ ඉදිරිපත් කරන විද්‍යුත් ලිපිනය තරඟයේ ජයග්‍රහණය පිලිබඳ විස්තර දැන්වීම සඳහා පමණක් යොදා ගන්නා අතර ගබඩා නොකරනු ලැබේ.
13. මුදල් ලබාදෙන්නේ Hiking සහ Camping කටයුතු සඳහා ඉහත 02 කොන්දේසියේ පරිදි වියදම් කිරීමට පමණී.
14. එකී මුදල් ඔබ තෝරා ගන්නා ආයතනයේ වියදම් කළ හැකි පරිදි තෑගි වවුචරයකින් ලබා දෙනු ලැබේ.
15. අදාල ආයතනයෙන් මිලදී ගන්නා හෝ කුලියට ගන්නා භාණ්ඩ පිලිබඳ කිසිඳු වගකීමක් අප විසින් නොදරනු ලබයි.
16. ඔබ තෝරා ගන්නා ආයතනයේ පැවැත්ම පිලිබඳ අප විසින් තෑගි ලබා දෙන අවස්ථාවේ සොයා බලන අතර ඉන්පසු සිදුවන සිදුවීම් පිලිබඳ වගකීමක් අප විසින් දරනු නොලැබේ.
17. මේ තරඟයට අදාල සියලු කාරණා සඳහා YouTube චැනලය ඉහත විස්තර කළ චැනලය පමණක් වන අතර Facebook පිටුව ඉහත විස්තර කළ පිටුව පමණක් වේ.
18. සුදුසු පරිදි Community Guidelines සහ Facebook Community Guidelines වලට අදාලව කොන්දේසි වෙනස් කිරීම හෝ සංශෝධනය කිරීමේ අයිතිය singleelephant.com වෙබ් පිටුවට ඇත.
19. Facebook ප්‍රධාන Post එකෙන් පිට ඇති Post වලට සිදුකරන Comment මේ තරඟය සඳහා අදාල නොවේ.
20. තරඟයේ සියලු බලතල සහ විනිශ්චය Single Elephant තනි අලියා YouTube චැනලය සහ Facebook පිටුව සතුවේ.
21. ඔබ මීට පෙර අප විසින් මෙහෙයවන ලද තරඟයක් මාස 03ක් ඇතුලත ජයග්‍රහණය කර ඇත්නම් වෙනත් කුසපතකට අවස්ථාව ලබා දෙනු ලැබේ.