Dark Light
ඇතැම් හිම කුණාටු අවස්ථාවලදී පොලිසිය සහ රජය සමහර මහා මාර්ග වසා දමන අතර අත්‍යවශ්‍ය සේවා සහ හිම ඉවත් කරන වාහන පමණක් මාර්ගවල ගමන් කිරීමේ යෙදෙනවා. 

හිම කුණාටුවක් අතරතුර වැදගත් කාරණාවක් හැටියට ප්‍රවේශය හඳුන්වන්න පුළුවන්. මේකත් හරියට ගංවතුරෙන් වට වෙනවා වගේ..

ගංවතුරට වඩා හිම කුණාටුවකදී විශේෂත්වය වෙන්නේ ස්වභාවධර්මයා විසින් අඩු කරන තුරු බලා නොසිට මිනිසා හටම වටවී ඇති හිම ඉවත් කිරීමේ පහසුව තිබීමයි. වතුර අපිට එහෙම ඉවත් කරන්න බැහැ නේද?

මං ජීවත්වන නගරයේ සියලු මං මාවත් සහ ඇවිදින පදික වේදිකාවන් වෙත වැටෙන හිම සහ අයිස් පළාත් රජය හෝ නගරය විසින් ඉවත් කරනු ලබනවා. 

නමුත් නිවසට යන පුද්ගලික පාර සහ වාහන නවත්වා ඇති බිම නිවැසියන් විසින් එළිපහළි යුතුයි. 

ඇතැම් අය ඔවුන් සතුව ඇති හිම ඉවත් කිරීමේ උපකරණ හෝ වාහන යොදාගෙන මෙකී කටයුත්ත සිදු කරන අතර වඩාත් ජනප්‍රිය ක්‍රමය වන්නේ හිම ඉවත් කරන ආයතනයකට එකී කටයුත්ත බාර දීමයි. 

කුණාටුවේ ආරම්භයේ සිට අවසානය දක්වාම මෙකී ආයතන විසින් ඔවුන් සතු යන්ත්‍රෝපකරණ සහ වාහන සේවයේ යොදා හිම ඉවත් කිරීමේ කටයුතු වල යෙදෙනවා.

හදිසි තත්වයකදී ගිලන්රථ හෝ ගිනි නිවන රථ නිවස අසලටම පැමිණීම සඳහා මෙය අතිශය වැදගත් කාරණාවක්. 

ඇතැම් හිම කුණාටු අවස්ථාවලදී පොලිසිය සහ රජය සමහර මහා මාර්ග වසා දමන අතර අත්‍යවශ්‍ය සේවා සහ හිම ඉවත් කරන වාහන පමණක් මාර්ගවල ගමන් කිරීමේ යෙදෙනවා. 

එවැනි අවස්ථාවලදී හිමේ ඉරීම නිසා අතරමග අත හැර දැමූ වාහන විශාල ප්‍රමාණයක් දකින්නට තිබෙනවා. 

ඒ හේතුවෙන් මේ සේවාව හිම කුණාටුවකදී ලබාගෙන තිබීම අතිශය වැදගත් කාරණයක්.

අද මේ වීඩියෝව ඒ සම්බන්ධයෙන්..

Logo
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
හිම කුණාටුව

හිම කුණාටුවේ ගෙදර කඳවුර

නිවස වෙතට ගොස් එහි සිටි මිතුරන්ද සමඟ රාත්‍රී ආහාරය ගත් පසුව නිවස තුලට වී නිදා ගන්නා ලෙස ඔවුන් සිදු කළ ඉල්ලීම සුහදව පසෙකලා මාගේ නිදන පද්ධතියද රැගෙන කූඩාරම බලා නැවත ගමන ආරම්භ කළේ කුණාටුවේ උච්චම අවස්ථාවේදියි.
Devils oven Ice cave

මිදුණ දිය පාරක් දිගේ යකාගේ උදුනට

ශීත කාලය කියන්නේ කැනඩාවට ඒ තරම් සැප පහසු කාලයක් නෙවෙයි. ඒත් සමහර වෙලාවට අපි හිතන්නේ නැති සුන්දරත්වයක් කටුක පරිසරයත් එක්ක සොබා දහම නිර්මාණය කරනවා.
Total
1
Share