Dark Light
ශ්‍රී ලංකාව තුල වෘත්තීය මට්ටමෙන් සිංහල භාෂාවෙන් Navigation විෂය සම්බන්ධව ලියවුණු පොත් තිබුණද Hiking සහ Back-Country කෑම්පින් වලට අදාලව මෙකී විෂය වෙනුවෙන් සරල සිංහල භාෂාවෙන් ලියවුණු පොතක් පලකිරීම මාගේ අභිප්‍රායයි.

සිතියමක් නැතුව මාලිමාව

Hiking සහ Back-Country කෑම්පින් ශ්‍රී ලාංකික අපට තවමත් අලුත් මාතෘකාවක් වුවද බොහෝමයක් උතුරු ඇමරිකානු සහ යුරෝපීය රටවල මෙය අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් මෙන්ම විනෝදාංශයක්. වැඩි කාලයක් මේ ක්‍රීඩාවේ නිරත වන්නට නම් මනා පුහුණුවක් සේම පලපුරුද්ද වැදගත් වෙනවා.

මෙතනින් මිලදී ගන්න


මේ සඳහා මූලිකවම ඔබ විසින් ලබා ගත යුතු හැකියාවක් ලෙසට Hiking Navigation හෙවත් මඟ සොයා ගැනීම හඳුන්වන්න පුළුවන්.


ශ්‍රී ලංකාව තුල වෘත්තීය මට්ටමෙන් සිංහල භාෂාවෙන් Navigation විෂය සම්බන්ධව ලියවුණු පොත් තිබුණද Hiking සහ Back-Country කෑම්පින් වලට අදාලව මෙකී විෂය වෙනුවෙන් සරල සිංහල භාෂාවෙන් ලියවුණු පොතක් පලකිරීම මාගේ අභිප්‍රායයි.

ඔබේ ඊළඟ Hiking සහ Back-Country කෑම්පින් ගමනට පෙර මේ පොත කියවා යම් දැනුමක් ලබා ගන්න. එය ඔබට පහසු සහ ආරක්‍ෂිත ගමනක් සඳහා සහ නැවත පැමිණීමක් වෙනුවෙන් උදවු වේවා යන්න මාගේ පැතුමයි.

මෙහි ඇතුලත් පළවෙනි පාඩම් මාලාවෙන් ඔබට මාලිමාවේ මූලික භාවිතයේ සිට සිතියමක් නොමැති අවස්ථාවකදී මාලිමාව භාවිතා කර සිතියමක් සෑදීම දක්වා වර්ණ රූප සහිතව, ක්‍රියාකාරකමක් සහ දැනුම මනින ගැටළු සමඟ පහදා දෙනු ඇති.

ඔබගේ පහසුව වෙනුවෙන් මෙහි බොහෝමයක් වචන සහ විස්තර හුරුපුරුදු සරල භාෂාවෙන් දක්වා ඇති අතර මෙම පොතේ ඇතුලත් වචන වලට අමතරව වෙනත් වචනද භාවිතා විය හැකි බව කාරුණිකව සලකන්න. සමහර වචන වැඩිදුරටත් ඉංග්‍රීසි භාෂාවෙන්ද දක්වා ඇත්තේද එකී පහසුව වෙනුවෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
Taut-Line Hitch

Taut-Line Hitch

දැඩි සුළං තත්වයක් තුලදී පවා කූඩාරම සමඟ මේ ගැටය භාවිතා කර ඇති අතර මාගේ අත්දැකීම් අනුව කිසිඳු ගැටළුවක් කාර්යක්ෂමතාව සහ ශක්තිය සම්බන්ධව මෙතෙක් පැන නැගී නොමැත.
Bowline gataya ගැටය Knot

Bowline

මේ ගැටය වැදගත්වන අවස්ථා අතර ගලවා ගැනීමේ කටයුතු , නාවික කටයුතු, කඳු නැගීම් සහ භාණ්ඩ එල්ලීම හඳුන්වා දිය හැකිය. කූඩාරම සවි කිරීමේදී සම්බන්ධය ඇති කිරීමටද බහුලව මේ ගැටය යොදා ගනී.
pace count ranger beads

රේන්ජර්ස් බීඩ්ස් 2.0

සුප්‍රසිද්ධ උතුරු ඇමරිකානු Hiking මාර්ගයන්හි උපයෝගී කරගන්නා සහ ලෝකයේ බොහෝමයක් පළපුරුදු Hike කරන පුද්ගලයන් ඇතුළු හමුදා භටයින්, දඩයක්කරුවන් ගොඩබිමේදී භාවිතා කරන ඉතා සරල ක්‍රමවේදයකින් යුත් සහ අඩු බරක් සහිත උපකරණයක්..
Total
0
Share