Dark Light
කෙටි කාලයක් තුල Hiking සහ Back-Country Camping සඳහා අවශ්‍ය දැනුමක් නොමිලේ ලබා ගන්න. මාලිමාවේ මූලික හැඳින්වීමේ සිට සිතියමක් නොමැති අවස්ථාවකදී මාලිමාවේ භාවිතය පිලිබඳ අංක 01 පාඩම් මාලාව.(Free Course 01)

Hiking Navigation සිංහල – පාඩම් අංක 01

කාලය: පැය 02
ආයෝජනය: නොමිලේ

මෙහි සඳහන් කරුණු සම්බන්ධව යම්කිසි ගැටළුවක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍යව තිබේ නම් ලිපිය හෝ වීඩියෝව අවසානයේ ඇති ප්‍රතිචාර (Comment) දක්වන කොටසේ එය සඳහන් කරන්න. හැකි ඉක්මනින් ඔබ වෙත පිළිතුරු ලබා දීමට අපි කටයුතු කරන්නෙමු.

එලෙසම ඔබට නැවත මේ පාඩම් මාලාව වෙත පැමිණීමට අදාල ලිපියේ ඇති දිගුව පහසුවෙන් භාවිතා කල හැක.

ඔබගේ අදහස් සහ යෝජනාද අතිශයින් අගය කරන අතර ඉදිරියේදී නව විෂයයන් බලාපොරොත්තු වන්න.

මේ පාඩම් මාලාවේ අන්තර්ගතය.

(CODE 001) පළවෙනි (01) කොටස – මාලිමාව


මාලිමාවට සරල හැඳින්වීමක් සමඟ ලංකාවේ අපිට මාලිමාවක් අවශ්‍යද, මාලිමාවේ ප්‍රධාන කොටස් සහ මාලිමාවක් මිලදී ගැනීමේදී වැදගත් වන කරුණු ගැන කතා කරමු.

(CODE 002) දෙවන (02) කොටස – සරල රේඛාවක ගමන


මාලිමාවක් භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ
මාලිමාව යොදා ගෙන සරල රේඛාවක් දිගේ ගමන් කිරීම.

(CODE 003) තුන්වන (03) කොටස – පියවර මැනීම සහ අංශක 90


පියවර මැනීම සහ අංශක 90 ගමන යනු Hiking සහ Back-Country කෑම්පින් වලදී අතරමං නොවීම සඳහා අපගේ අවබෝධය අනිවාර්යයෙන්ම තිබිය යුතුම කාරණාවක් ලෙසට හැඳින්විය හැකියි.

(CODE 004) හතරවන (04) කොටස -Waypoint සහ අපිම සිතියමක් සාදමු.(01)


Hiking සහ Back-Country කෑම්පින් කරන අපට සිතියම් භාවිතයක් නොමැතිව මාලිමාව භාවිතා කරන අවස්ථාවලදී මෙන්ම සිතියම් භාවිතයේදීද වැදගත් වන මාතෘකාවක් ලෙසට Waypoint හැඳින්විය හැකිය.

තවදුරටත් මේ කොටසේ අරමුණ නම් Waypoint ඇතුළුව මෙතෙක් අප ඉගෙන ගත් දැනුම යොදා ගෙන සිතියමක් නොමැතිව මාලිමාව භාවිතා කර අපගේම සිතියමක් නිර්මාණය කර ගැනීමයි.

(CODE 005) පස්වන (05) කොටස – සිතියම සෑදීම තවදුරටත්…


ඔබ නියමිත පරිමාණය සහ දිශාව දන්නා බැවින් අවට පිලිබඳ මනා අවබෝධයක් සේම අතරමං වීමට තිබෙන අවස්ථාව අඩු වී පහසුවෙන් කුඩාරම කරා නැවත පැමිණීමට හැකි වනු ඇත. එලෙසම ආපදා තත්වයකට මුහුණ නොදී වැඩි කාලයක් සුරක්ෂිතව සිටීමට මෙකී කුඩා සටහන හෙවත් සිතියම ඔබට උදවු වනු ඇත.

(CODE 006) හයවන (06) කොටස – රේන්ජර්ස් බීඩ්ස් 2.0


සුප්‍රසිද්ධ උතුරු ඇමරිකානු Hiking මාර්ගයන්හි උපයෝගී කරගන්නා සහ ලෝකයේ බොහෝමයක් පළපුරුදු Hike කරන පුද්ගලයන් ඇතුළු හමුදා භටයින්, දඩයක්කරුවන් ගොඩබිමේදී භාවිතා කරන ඉතා සරල ක්‍රමවේදයකින් යුත් සහ අඩු බරක් සහිත උපකරණයක්..

(CODE 007) ක්‍රියාකාරකම

මේ පාඩම් මාලාව යටතේ මෙතෙක් අපි විසින් ඉගෙන ගත් සෑම දෙයක්ම ප්‍රායෝගිකව යොදා ගත හැකි සරල ක්‍රියාකාරකමක් පිළිබඳව දැන් විමසා බලමු.

මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.

වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ

Logo
2 comments
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
light house black and white

දිශාව සොයමු

කෙටි කාලයක් තුල Hiking සහ Back-country Camping සඳහා අවශ්‍ය දැනුමක් නොමිලේ ලබා ගන්න. මිනිසා නිපදවූ කිසිඳු උපකරණයක උදවු නොමැතිව Hiking සහ Back-Country Camping කරන අපි දිශාව සොයා ගන්න අන්දම පිලිබඳ පාඩම් මාලාව.(Free Course 02)
compass 90 change මාලිමාව

පියවර මැනීම සහ අංශක 90

ඔබ මේ දෙය කළ යුතු වන්නේ ජිවිතයේ එක් වරක් පමණයි. (තවමත් උසින් වැඩෙන දරුවකු නොවේ නම්). ඒ නිසා තරමක් මහන්සි වී මේ කටයුත්තේ යෙදුනාට කමක් නැහැ.
හිම කුණාටුව

හිම කුණාටුවේ ගෙදර කඳවුර

නිවස වෙතට ගොස් එහි සිටි මිතුරන්ද සමඟ රාත්‍රී ආහාරය ගත් පසුව නිවස තුලට වී නිදා ගන්නා ලෙස ඔවුන් සිදු කළ ඉල්ලීම සුහදව පසෙකලා මාගේ නිදන පද්ධතියද රැගෙන කූඩාරම බලා නැවත ගමන ආරම්භ කළේ කුණාටුවේ උච්චම අවස්ථාවේදියි.
Taut-Line Hitch

Taut-Line Hitch

දැඩි සුළං තත්වයක් තුලදී පවා කූඩාරම සමඟ මේ ගැටය භාවිතා කර ඇති අතර මාගේ අත්දැකීම් අනුව කිසිඳු ගැටළුවක් කාර්යක්ෂමතාව සහ ශක්තිය සම්බන්ධව මෙතෙක් පැන නැගී නොමැත.
Total
100
Share