Dark Light
ඔබට මෙවන් පණිවිඩියක් හෝ දැන්වීමක් ලැබුනේ නම් ඒ ගැන විස්තර අපගේ Facebook පිටුව හරහා විමසන්න. එහි සත්‍ය අසත්‍යතාවය මැන දීමට ඔබට උදවු කරන්න කැමති අතර මා කිසි විටක ඔබට ඇති Hiking සහ Camping ගැන ප්‍රශ්න ඇරෙන්නට ආගමන උපදෙස් ලබා නොදෙන බව කාරුණිකව සලකන්න.

කැනඩාවේ රැකියා ගැන සඳහන් කරමින් විවිධ ආකාරයට සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලයේ සැරිසරන දැන්වීම් කිහිපයක් මාගේ මිතුරන් විසින් තොරතුරු සනාථ කිරීම සඳහා මා වෙත පසුගිය දින කිහිපයේ ඒවා තිබුණි.

ආගමන විගමන කටයුතු සම්බන්ධව රැකියාවක මා නිරත නොවුනද පහත විස්තර වන කරුණු එකී දැන්වීමේ සඳහන් තොරතුරු ඔබටම සනාථ කිරීමට උපකාරී වේ යැයි සිතමි.

මෙකී විස්තර නිසි පරිදි ඔබ දකින දැන්වීමේ සඳහන් නැත්නම් එය අසත්‍ය නොමඟ යවන තොරතුරු ඇතුලත් දැන්වීමක් වන අතර එකී දැන්වීම පලකළ අයට කිසිඳු මුදලක් ගෙවීමෙන් හෝ තොරතුරු ලබා දීමෙන් වලකින්න.

ඉංග්‍රීසි දැනුම

කැනඩාවේ රැකියා ලබා ගැනීමට ඉංග්‍රීසි භාෂාව හෝ ප්‍රංශ භාෂාව සම්බන්ධ භාෂා විභාගයක් (IELTS වැනි) සමත් වී තිබීම අනිවාර්යවේ.

සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම පමණක් ප්‍රමාණවත් යනුවෙන් දැන්වීමේ සඳහන් කර ඇති නම් එය බොරුවකි.

සතියෙන් වීසා

කැනඩා රැකියාවන්හි මූලිකත්වය කැනේඩියානුවන්ට හිමි වන අතර රැකියා ලබා දෙන අය විසින් විදේශයක සිටින අයකුට එකී රැකියා අවස්ථාව ලබා දීම සඳහා එම රැකියාවට කැනඩාව තුල සුදුස්සන් නැති බව හෝ හිඟ බව රැකියාව ලබා දෙන අය විසින් හෝ ඔහුගේ නියෝජිතයන් විසින් ඔප්පු කළ යුතුය.

මේ සඳහා අවම වශයෙන් මාස 4 සිට 6 ක කාලයක් ගතවේ. ඉක්මනින් වැඩකරන වීසා ලබා දෙන කතාව අමූලික බොරුවකි.

ගොවිපලක රැකියා

කෘෂි කර්මාන්තය ආශ්‍රිතව තාවකාලික වැඩ කරන වීසා (Work Permit) ලබා දෙන අතර එකී වීසා ක්‍රමයට ශ්‍රී ලංකාව ඇතුලත් නොවේ.

300x50

වැටුප් ගැන විස්තර

කැනඩාව තුල වැටුප් ගෙවීම පැයකට හෝ වාර්ෂික වැටුපක් අනුව සිදුවේ.

මාසිකව වැටුප් මුදලක් සඳහන්ව ඇත්නම් එය මුලාවකි. (උදාහරණ පැයට ඩොලර් 15, වාර්ෂික වැටුප ඩොලර් 30,000) බහුතරයක් දැන්වීම් වල ඩොලර් 3000 සිට 8000 වැනි මුදල් සඳහන්ව ඇති අතර එවන් වැටුප් තලයක් නොමැත.

සාමාන්‍යයෙන් බොහොමයක් අවස්ථා වලදී වැටුප ගැන කතා කරනුයේ පළමු සම්මුඛ පරීක්ෂණයෙන් (Interview) පසුව වේ.

RCIC අංකය ඉල්ලන්න.

රැකියා ලබා දෙන ඒජන්තවරයා හෝ ඔහුගේ ආයතනය කැනඩාවේ ලියාපදිංචි වී තිබිය යුතුය. මෙය ඉතා පහසුවෙන් පරික්ෂා කළ හැකිය.

ඔහුට හෝ ආයතනයට RCIC අංකයක් තිබිය යුතු අතර ඒ අනුව හෝ අනෙකුත් විස්තර සහිතව පහත Link එකෙන් ලියාපදිංචි දැයි පහසුවෙන් සොයා බැලිය හැකිය.

https://www.college-ic.ca/protecting-the-public/find-an-immigration-consultant

අධ්‍යාපනික හා රැකියා සුදුසුකම්

අවම අධ්‍යාපන සුදුසුකම් නොමැතිව හෝ අත්දැකීම් නොමැතිව රැකියා සඳහා අයදුම් කළ නොහැක. වැරදි තොරතුරු ලබා දීමෙන් ඔබට නැවත වසර 5ක් යනතුරු කැනඩාවට අයදුම් කළ නොහැකි වන අතර එකි තොරතුරු අනෙක් රටවල් වලටද ලැබීමෙන් ඔබගේ විදේශ ගතවීමේ සිහිනය බොඳ වනු ඇත.

අවම වයස

කැනේඩියානු රැකියා සඳහා විදේශිකයන්ට අයදුම් කළ හැකි අවම වයස 18 වේ.

Logo

ඔබට මෙවන් පණිවිඩියක් හෝ දැන්වීමක් ලැබුනේ නම් ඒ ගැන විස්තර අපගේ Facebook පිටුව හරහා විමසන්න.

එහි සත්‍ය අසත්‍යතාවය මැන දීමට ඔබට උදවු කරන්න කැමති අතර මා කිසි විටක ඔබට ඇති Hiking සහ Camping ගැන ප්‍රශ්න ඇරෙන්නට ආගමන උපදෙස් ලබා නොදෙන බව කාරුණිකව සලකන්න.

මා වෙත ලැබෙන වෙනත් දැන්වීම් වල සඳහන් තොරතුරු අනුව මේ විස්තර ඉදිරියට අලුත් කරන බව සලකන්න.

ඔබ සියලු දෙනාට ජය

1 comment
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Total
0
Share