Dark Light
විශේෂයෙන් අමතක නොකළ යුතු දෙය නම් ඉතිහාසය පුරාවට මිනිස් මරණ වලට වැඩිපුරම වග කියන සත්වයා වලසෙකු, සර්පයෙකු හෝ මෝරෙකු නොව මදුරුවා බවයි.

Hike එකකදී වගේම Back-Country Camping වලදී අපි මුහුණ දෙන අතුරු ප්‍රශ්නයක් හැටියට මදුරු ප්‍රශ්නය හැඳින්විය හැකියි.

මේ ගැටලුවට 100% සාර්ථක උත්තරයක් නැති වුවද විවිධ උපක්‍රම සහ භාණ්ඩ භාවිතා කිරීමට අපට අවස්ථාව තිබෙනවා.

විශේෂයෙන් අමතක නොකළ යුතු දෙය නම් ඉතිහාසය පුරාවට මිනිස් මරණ වලට වැඩිපුරම වග කියන සත්වයා වලසෙකු, සර්පයෙකු හෝ මෝරෙකු නොව මදුරුවා බවයි. ඒ නිසා අතුරු ප්‍රශ්නය කෙසේ වෙතත් නිසි ආරක්ෂාවක් රෝගී නොවීමට තිබීම අතිශයෙන් වැදගත් කරුණක්.

මදුරු කරදරයෙන් බේරීම සඳහා ගමන යන අතරතුර මෙන්ම යාමට පෙරද අපට විවිධාකාරයේ ක්‍රියාකාරකම් සිදු කළ හැකියි.

ගමනට පෙර කළ හැකි දේවල්

අප ගමන රැගෙන යන භාණ්ඩ මදුරුවන්ගෙන් සහ අනෙකුත් කරදරකාරී කුඩා කෘමි සතුන්ගෙන් ආරක්ෂාවීම සඳහා රසායනික ආලේපනයක් (මදුරු විකර්ෂක) සිදු කිරීම බොහොමයක් රටවල ජනප්‍රිය ක්‍රමයකි.

මේ සඳහා යොදා ගත හැකි විවිධ රසායනික ආලේපන වර්ග රාශියක් වෙළඳපොලේ මිලදී ගැනීමට තිබෙනවා.

DEET (රසායනික නම N,N-diethyl-meta-toluamide)

Cyfluthrin

Permethrin

Pyrethroid

මේ ආලේපන එක් වරක් ආලේපනය කිරීමකින් මාස කිහිපයක් (මාගේ අත්දැකීම් අනුව මාස 5-6ක්) දක්වා ආරක්ෂාවක් ඔබට ලැබෙන අතර වඩාත් ජනප්‍රිය රසායනික ද්‍රව්‍ය Permethrin ලෙසට හැඳින්විය හැකියි. ඔබගේ ටෙන්ට් එකේ පිටත බිත්තිය, දැල සහ වෙනත් සුදුසු පිටත භාවිතයට ගනු ලබන කෑම්පින් උපකරණ මෙලෙස Hiking සමයට පෙර ආලේපනය කරන්න.

ඇතැම් විට එකී රසායනික ආලේපන ඔබට අසාත්මිකතාවයක් හෝ හිසරදය වැනි වෙනත් සුළු රෝගාබාධ ඇති කල හැකි බැවින් භාවිතා කිරීමට පෙර ඒ පිළිබඳව පරික්ෂා කර බැලීමට අමතක නොකරන්න.

ඇමරිකානු යුධ හමුදාව මේ තාක්ෂණය ඔවුන්ගේ නිල ඇඳුම් සඳහා යොදා ගන්නා අතර අද දවස වෙළඳපොලේ Permethrin සහිත ඇඳුම් බහුලව දක්නට ලැබේ. සාමාන්‍යයෙන් සේදුම් වාර 50-70ක් දක්වා මෙකී ඇඳුම් නැවත නැවතත් මදුරු විකර්ෂණ බලය සහිතව ඇඳීම සිදු කළ හැකිය.

කඳවුර තිබෙන තැන

මදුරුවෝ නැති තැනක් ඔබගේ ටෙන්ට් එක පිහිටුවීම සඳහා තෝරා ගැනීම ඉතාම පහසුවෙන් කළ හැකි දෙයක්.

ගලා නොයන ජලය රැඳී ඇති ස්ථාන, තද කළුවර සහ තද ආලෝකය ඇති ස්ථාන මදුරුවන්ගේ නිජ භූමි සහ ක්‍රීඩා පිටි වේ.

ඔබගේ ආරක්ෂාවට ගැටළුවක් නොවේ නම් සහ ඔබගේ ටෙන්ට් එක ඔරොත්තු දෙන්නේ නම් තරමක සුළං සහිත පරිසරයක කූඩාරම පිහිටුවීම වඩාත් සුදුසු වේ. එලෙසම කඳවුරු භූමිය තරමක් ඉහලින් පිහිටි ස්ථානයක (කන්දක් වැනි) පිහිටවීමද මදුරු ඝනත්වය අඩු කිරීමට උදවු විය හැකිය.

ගමන යන කාලය

ඔබ ඍතු වෙනස් සහිත රටක ජීවත් වන්නේ නම් Hiking සහ Back-Country Camping සඳහා හොඳම කාලය වසන්ත සමයේ (Spring) ආරම්භය සහ සරත් සමය(Fall/Autumn)යි.

ශ්‍රී ලංකාව තුල ඍතු බෙදීමක් නොතිබුණද වැසි සමය නිමාවත්ම මදුරු ගහණයේ වැඩිවීමක් දැකිය හැක්කේ ජලය රැඳී තිබෙන ස්ථානවල ඇති සුලබත්වය නිසා විය හැකියි.

මදුරු දැල්

ඉහත වීඩියෝවේ දැක්වෙන ආකාරයට මා විසින් පැළඳ පැමිණි ආකාරයේ මදුරු දැලක් මුහුණ හෝ ශරීරයම ආවරණය වන පරිදි පැළඳිය හැකිය.

ලංකාව වැනි උණුසුම් දේශගුණයක් සහිත රටකට ඔරොත්තු නොදිය හැකි නමුදු රසායනික ආලේපන වලින් තොර පිළිතුරකට මෙකී නිෂ්පාදනය ගැලපේ.

විශේෂයෙන් මෙවන් ආවරණයක් මිලදී ගැනීමේදී ඉදිරිය පෙනීමේ හැකියාව ගැන සැලකිලිමත් වන්න. ඔබ පළඳින තොප්පිය සමඟ ගැලපෙන හෝ ශරීරයම ආවරණය වන මෙවන් දැල් ඔබ ඇතැම් විට සීගිරිය තරණයේදී මීමැස්සන්ගෙන් ආරක්ෂාවට භාවිතා කරනු දැක තිබෙන්නට පුළුවන්.

ඔබගේ කූඩාරමේ මදුරු දැලක් ඇත්නම් ගමන යාමට පෙර එහි අඬුලුහුඬුකම් ගැන සොයා බලන්න. ඉරීම් සහිත ස්ථාන ඇත්නම් ඒවා පිළිසකර කර ගන්න. කඳවුරු භූමියේදී සෑම විටම දැල් ආවරණය වසා තබන්නද අමතක නොකරන්න.

මදුරු විකර්ෂක ස්ප්‍රේ සහ ක්‍රීම් වර්ග සහ වෙනත්

එළිමහන් භාවිතය සඳහා විවිධ වෙළඳ නාමයන්ගෙන් මදුරු විකර්ෂක නිෂ්පාදන විශාල ප්‍රමාණයක් වෙළඳ පොලේ මිලදී ගැනීමට ඇත.

ශාකසාර නිෂ්පාදන මෙන්ම DEET සහ Permethrin වැනි ඉහත කී රසායනික ද්‍රව්‍ය සහිත නිෂ්පාදනද ඒ අතර වේ.

ලංකාව තුල සුලබව භාවිතා කරන මදුරු දඟරද ඔබට ඔබගේ ගමන සඳහා යොදා ගත හැකි අතර ටෙන්ට් එක තුල නොදල්වන්නට පරිස්සම් වන්න. තවද මදුරු දඟර ආකාරයේ කුඩා විදුලි උපකරණ පවා Hiking සහ Camping වෙනුවෙන්ම නිපදවා ඇත.

320x480
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
Moon හඳ

හඳෙන් පාර හොයා ගමු.

ඉරෙන් පාර සොයා ගන්න ආකාරයට අමතරව තවත් එක ක්‍රමයක් හඳෙන් පාර සොයා ගැනීමට ඇත. මෙය යොදා ගනිමින් දිශාව සොයන්නේ නම් විශේෂයෙන් සැලකිය යුතු කාරණයක් නම් මෙහි නිරවද්‍යතාවය අනෙකුත් ක්‍රම තරම්ම ඉහල නොමැති බවත් වෙනත් විකල්පයක් නොමැති නම් පමණක් මෙකී ක්‍රමවේදය අවසාන සරණ වශයෙන් උපයෝගී කරගැනීම සුදුසු බවත්ය.
Hiking navigation skills මාලිමාව සිතියමක් නැතුව

ප්‍රශ්න – 03 කොටස

සිතියම් නැතුව මාලිමාව 03 කොටසේ ප්‍රශ්න... Hiking Navigation ඔබේ පාඩම් මාලාවේ දැනුම පරික්ෂාව. Hiking සහ Back-Country කෑම්පින් කරන ඔබ වෙනුවෙන්....
hiking මාලිමාව

පිළිතුරු

Hiking සහ Back-Country කෑම්පින් කරන ඔබ වෙනුවෙන් Hiking Navigation Skills සිංහල පාඩම් මාලාවේ ප්‍රශ්න සඳහා පිළිතුරු..
light house black and white

Waypoint සහ අපිම සිතියමක් සාදමු.(01)

ඇමරිකානු Thru-Hiking සහ දඩයම් කරන පිරිස් ඇතැම් වෙලාවට මේ වෙනුවෙන්ම සාදා තිබෙන අඩි 2 පමණ රෙදි කොඩි මේ සඳහා යොදා ගන්නවා. Waypoint සහ තවත් බොහෝ දැනුම..
Total
0
Share