Dark Light
මේ ගැටය වැදගත්වන අවස්ථා අතර ගලවා ගැනීමේ කටයුතු , නාවික කටයුතු, කඳු නැගීම් සහ භාණ්ඩ එල්ලීම හඳුන්වා දිය හැකිය. කූඩාරම සවි කිරීමේදී සම්බන්ධය ඇති කිරීමටද බහුලව මේ ගැටය යොදා ගනී.

Loop එකක් නැත්නම් තොණ්ඩුවක් සහිත ගැටයක් සාදා ගැනීම අපට අවස්ථා රාශියකදී වැදගත් විය හැකියි. විශේෂයෙන් එහෙ මෙහෙ නොයන (මරණීය දණ්ඩනය නියමවූ හෝ සතුන් ඇල්ලීමට යොදා ගන්නා ආකාරයේ නොවන) Loop එකක් සාදා ගැනීමට උපකාරී වන ගැටය Bowline යනුවෙන් සරලවම හැඳින්විය හැකියි.

Bowline ගැටය

Book travel visa at iVisa.com

මේ ගැටය වැදගත්වන අවස්ථා අතර ගලවා ගැනීමේ කටයුතු , නාවික කටයුතු, කඳු නැගීම් සහ භාණ්ඩ එල්ලීම හඳුන්වා දිය හැකිය. කූඩාරම සවි කිරීමේදී සම්බන්ධය ඇති කිරීමටද බහුලව මේ ගැටය යොදා ගනී.

පහසුවෙන් ගැලවීමට හැකිවීම, වෙනස් නොවීම සහ කාර්යක්ෂමතාවය වැඩි බව මේ ගැටයේ ඇති සුවිශේෂී ලක්ෂණ වේ.

පියවරෙන් පියවර

පළමුව ලණුවේ වැඩ කරන අවසානයට (Working End) තරමක් දුරින් වන්නට පහත පරිදි රවුමක් (Loop) සාදා ගන්න. ඔබට අවශ්‍ය විශාල තොණ්ඩුවක් නම් ඈතින්ද කුඩා තොණ්ඩුවක් නම් ළඟින්ද මේ කුඩා Loop එක පිහිටුවා ගන්න.

Bowline ගැටය

Loop එක සෑදීමේදී Working End එක Standing End එකට උඩින් තබන්න.

ඉන්පසු Working End එක පහත රූපයේ දැක්වෙන පරිදි යටින් අප විසින් සාදා ගත් Loop එකට ඇතුලෙන් කුඩා දුරක් ගෙන එන්න.

එසේ ගෙන පැමිණි Working End එක Standing End එක යටින් යවන්න. මෙය දකුණු පැත්තෙන් සිදුකිරීම වඩාත් සුදුසු වේ.

එසේ Standing End එක යටින් පැමිණි Working End එක නැවතත් Loop එක ඇතුලෙන් ගෙන එන්න.

එසේ ගෙන ආ පසු පහත රූපයේ දැක්වෙන පරිදි අංක 01 සහ 02 ස්ථාන වලින් ලණුව අල්ලා ගන්න.

දැන් 01 සහ 02 ස්ථාන වලින් අදිමින් ගැටය හොඳින් තද කරන්න.

මෙය Bowline ලෙසට හැඳින්වේ.

Bowline gataya

Working End එක Loop එක ඇතුලෙන් තිබීම වඩාත් නිවැරදි පිහිටීම ලෙසට හඳුන්වනු ලබන අතර වම් පැත්තට ඉහත පියවර ඔබ ගෙන ආවේ නම් Loop එක එලියට Working End එක පිහිටයි. මේ ක්‍රම දෙකම මාගේ මතය අනුව සාර්ථක ගැට වේ.

මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.

වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ

Logo 468x60
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
compass 90 change මාලිමාව

පියවර මැනීම සහ අංශක 90

ඔබ මේ දෙය කළ යුතු වන්නේ ජිවිතයේ එක් වරක් පමණයි. (තවමත් උසින් වැඩෙන දරුවකු නොවේ නම්). ඒ නිසා තරමක් මහන්සි වී මේ කටයුත්තේ යෙදුනාට කමක් නැහැ.
Mirror Compass Malimawa

සිතියමක් නැතුව මාලිමාව

කෙටි කාලයක් තුල Hiking සහ Back-Country Camping සඳහා අවශ්‍ය දැනුමක් නොමිලේ ලබා ගන්න. මාලිමාවේ මූලික හැඳින්වීමේ සිට සිතියමක් නොමැති අවස්ථාවකදී මාලිමාවේ භාවිතය පිලිබඳ අංක 01 පාඩම් මාලාව.(Free Course 01)
මාලිමාව malimawa hiking and navigation skills

ප්‍රශ්න – 01 කොටස

සිතියම් නැතුව මාලිමාව 01 කොටසේ ප්‍රශ්න... Hiking Navigation ඔබේ පාඩම් මාලාවේ දැනුම පරික්ෂාව. Hiking සහ Back-Country කෑම්පින් කරන ඔබ වෙනුවෙන්....
hiking මාලිමාව

පිළිතුරු

Hiking සහ Back-Country කෑම්පින් කරන ඔබ වෙනුවෙන් Hiking Navigation Skills සිංහල පාඩම් මාලාවේ ප්‍රශ්න සඳහා පිළිතුරු..
Total
18
Share