Dark Light
දැඩි සුළං තත්වයක් තුලදී පවා කූඩාරම සමඟ මේ ගැටය භාවිතා කර ඇති අතර මාගේ අත්දැකීම් අනුව කිසිඳු ගැටළුවක් කාර්යක්ෂමතාව සහ ශක්තිය සම්බන්ධව මෙතෙක් පැන නැගී නොමැත.

ලණුවේ Tension එක අපට ඇතැම් අවස්ථා වලදී අතිශයින් වැදගත් වේ. මෙකී අවශ්‍යතා වලදී අප බොහෝ විට කරන්නේ ගැටය නැවත ගැසීම නොවේද? Taut-Line Hitch යනු නැවත නැවතත් ගැට ගැසීම් වලින් තොරව ලණුවේ තද අඩු වැඩි කර ගන්නට උදවු වන ගැටයකි.

Taut-Line Hitch ගැටය

Book travel visa at iVisa.com

Tent Stake සහ කූඩාරම සම්බන්ධ කිරීමේදී යොදා ගන්න අතිශය පැරණි ගැටයක් ලෙසට මෙය හැඳින්විය හැක්කේ අතීතයේ සිටම බාලදක්ෂ උපදෙස් පොතේ සඳහන්ව එන ගැටයක් බැවිනි. එලෙසම අභ්‍යවකාශගාමින් හබල් දුරේක්ෂය ප්‍රතිසංස්කරණ මෙහෙයුම් කටයුතු වලදී භාවිතා කළ ගැටයක් බැවින් සුවිශේෂී ගැටයක් ලෙසටද මෙය විස්තර කළ හැකිය.

දැඩි සුළං තත්වයක් තුලදී පවා කූඩාරම සමඟ මේ ගැටය භාවිතා කර ඇති අතර කිසිඳු ගැටළුවක් මාගේ අත්දැකීම් අනුව කාර්යක්ෂමතාව සහ ශක්තිය සම්බන්ධව මෙතෙක් පැන නැගී නොමැත. පහසුවෙන් ලෙහීමට හැකි වීම සහ අවශ්‍ය පරිදි ඉහත කී ලෙස ලණුවේ තද බව වෙනස් කළ හැකි වීම මෙකී ගැටයේ වාසි වේ.

පියවරෙන් පියවර

මේ ගැටය ගැසීමට පෙර අපට ලණුව රැඳවිය හැකි කණුවක්, ගසක්, ගසක අත්තක්, පොල්ලක්, Tent Stake වැනි දෙයක් තිබිය යුතු අතර අනෙක් කොණ හෙවත් Standing End එක සවිවී තිබිය යුතුය. උදාහරණයක් වශයෙන් Standing End එක කූඩාරමට සවිවී තිබිය හැකි අතර අප ගැටය ගසන්නේ Tent Stake එක පැත්තේය.

පළමුව අදාල ආධාරකය වටින් Working End එක යවන්න.

එලෙස ගෙන පැමිණි Working End එක Standing End එකට උඩින් ගෙනියන්න. මෙකී පියවර යටින්ද කළ හැකි අතර එසේ කළහොත් මේ ගැටයේ පහත සඳහන් අනෙකුත් පියවරද යටින්ම සිදු කළ යුතුය.

එලෙස ගෙන පැමිණි Working End එක දැන් සැදුණු Loop එක ඇතුලට (ආධාරකය පැත්තට) දෙවරක් Standing End එක උඩින් යන සේ ගෙන එන්න.

taut line Hitch ගැටය

දෙවැනි වටය ගෙන පැමිණි Working End එකේ කොණ Loop එකේ එලියට Standing End එක පැත්තට රූපයේ තිබෙන අයුරින් උඩින් ආධාරකයෙන් පිටතට ගෙන එන්න.

taut line Hitch ගැටය

එලෙසට එලියට ගෙන ආ Working End එක Loop එකෙන් පිටත ඇති Standing End එක උඩින් යවන්න. ඔබ කලින් මේ ක්‍රියාකාරකම කළේ යටින් යැවීමෙන් නම් මෙහෙදීද යටින් යවන්න අමතක කරන්න එපා.

taut line Hitch ගැටය

එක රවුමක් ඉහත කී පරිදි උඩින් යවා අලුත් කුඩා Loop එකෙන් එලියට Working End එක ගන්න.

පහත රූපයේ දැක්වෙන පරිදි Working End එකද Standing End එකද අල්ලා දෙපැත්තට අදින්න. මෙලෙස දෙපැත්තට ඇදීමේදී අංශක 90ක කෝණ 04ක පිහිටීමක් තිබීම වඩාත් පහසු වේ.

උදාහරණයක් වශයෙන් පොළවට සමාන්තරව ප්‍රධාන ලණුව ඇත්නම් තද කිරීමේදී Working End එක අහස පැත්තටද Standing End එක පොළව පැත්තටද ගෙනි යන්න.

Taut Line ගැටය

මෙලෙස ගැටය සෑදුණු පසුව ලණුවේ Tension එක අඩු කිරීමට ගැටය ආධාරකය දෙසටද වැඩි කිරීමට Standing End එක දෙසටද ගෙන යන්න.

Taut Line ගැටය

මේ ගැටය Taut-Line Hitch යනුවෙන් හැඳින්වේ.

Taut-Line Hitch

මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.

වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ

Logo 468x60
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
Mirror Compass Malimawa

මාලිමාව

මාලිමාවට සරල හැඳින්වීමක් සමඟ ලංකාවේ අපිට මාලිමාවක් අවශ්‍යද, මාලිමාවේ ප්‍රධාන කොටස් සහ මාලිමාවක් මිලදී ගැනීමේදී වැදගත් වන කරුණු ගැන කතා කරමු.
riverston camping and hiking sri lanka

මදුරු කරදරේ

විශේෂයෙන් අමතක නොකළ යුතු දෙය නම් ඉතිහාසය පුරාවට මිනිස් මරණ වලට වැඩිපුරම වග කියන සත්වයා වලසෙකු, සර්පයෙකු හෝ මෝරෙකු නොව මදුරුවා බවයි.
light house black and white

Waypoint සහ අපිම සිතියමක් සාදමු.(01)

ඇමරිකානු Thru-Hiking සහ දඩයම් කරන පිරිස් ඇතැම් වෙලාවට මේ වෙනුවෙන්ම සාදා තිබෙන අඩි 2 පමණ රෙදි කොඩි මේ සඳහා යොදා ගන්නවා. Waypoint සහ තවත් බොහෝ දැනුම..
Bowline gataya ගැටය Knot

Bowline

මේ ගැටය වැදගත්වන අවස්ථා අතර ගලවා ගැනීමේ කටයුතු , නාවික කටයුතු, කඳු නැගීම් සහ භාණ්ඩ එල්ලීම හඳුන්වා දිය හැකිය. කූඩාරම සවි කිරීමේදී සම්බන්ධය ඇති කිරීමටද බහුලව මේ ගැටය යොදා ගනී.
Total
3
Share