Dark Light
අප Hiking හෝ Back-Country Camping සිදු කරන විට සිතියමේ දැක්වෙන උතුර වන ජාල උතුර සහ මාලිමාවේ දැක්වෙන චුම්භක උතුර අතර වෙනස නිරාකරණය කළ යුතුය.

Hiking සහ Backpacking පිලිබඳ සිතියම් ගැන කතා කරන්නට පෙර උතුර හඳුනා ගැනීම අතිශයින් වැදගත් කටයුත්තකි. උතුර හඳුනා ගැනීම පිලිබඳ මීට පෙර අප කතා කළා සේම සිතියම සමඟද මේ උතුර සොයා ගත යුතුයි.

මෙකී කාරණයේදී උතුරු 03ක් ගැන දල වශයෙන් ඔබ දැන ගත යුතුයි.

01. නියම උතුර (True North- TN)

ලෝක ගෝලයේ උතුරින්ම පිහිටි ස්ථානය ලෙස නියම උතුර හැඳින්විය හැක. මෙය වෙනස් නොවේ. ආක්ටික් සාගරයේ පිහිටා ඇති අතර බොහෝවිට අයිස් සහිත සාගර ප්‍රදේශයකි.

North Pole

මේ උතුර North Pole යනුවෙන්ද හැඳින්වේ.

02. ජාල උතුර (Grid North- GN)

අප ජීවත් වන ලෝක ගෝලය යනු ත්‍රිමාණ වස්තුවකි. පත්‍රිකාවකට ගත් සිතියමක් යනු ද්විමාන රූපයකි. අපට ගෝලයකින් පෙනෙන හැඩතලය පත්‍රිකාවේ පැහැදිලි නොවේ. එම නිසා මේ සිතියම් පත්‍රිකාවේ දැක්වෙන උතුරු ජාල උතුර ලෙස හඳුන්වනු ලැබේ.

03. චුම්භක උතුර (Magnetic North- MN) 

මාලිමාවේ විස්තර වන උතුර චුම්භක උතුර යනුවෙන් හැඳින්වේ. පෘතුවියේ ඇති චුම්භක බල ක්ෂේත්‍ර හේතුවෙන් සහ තවත් විවිධ හේතු මත මේ උතුර සෑම අවස්ථාවකම වෙනස් වේ. මෙකී වෙනස සිදුවන ස්ථිර සැකසුමක් නැත. මේ උතුරට ඔබේ මාලිමාවේ චුම්භක කටුව යොමුවේ. ඔබ ළඟ නිසි ලෙස ක්‍රියා කරන මාලිමාවක් තිබේ නම් මේ උතුර ඔබට සොයා ගත හැකිය.

අප Hiking හෝ Back-Country Camping සිදු කරන විට සිතියමේ දැක්වෙන උතුර වන ජාල උතුර සහ මාලිමාවේ දැක්වෙන චුම්භක උතුර අතර වෙනස නිරාකරණය කළ යුතුය. මෙය සිදු කළේ නැත්නම් අප ගමන් කරන්නේ චුම්භක උතුර(MN) වෙත මිස නියම උතුර(TN) වෙත නොවේ.

මෙකී වෙනස අදාළ වන අවස්ථාවන් ගැන බලමු.

මේ පින්තූරයේ පෙනෙන පරිදි ඔබ පාරේ සිට ගමනක් ආරම්භ කළා යැයි සිතන්න. ඔබ නැවත පැමිණිය යුතු කෝණය ඔබ දනියි. එහෙත් ඉහත කී වෙනස හේතුවෙන් අංශක එකක වෙනසක් වූයේ යැයි සිතන්න. සෑම කිලෝමීටරයකටම මීටර් 53ක වෙනසක් ඔබ යායුතු නිවැරදි දිශාවෙන් ඈතට යයි.

Declination

මේ වෙනස සිදුවූවද ඔබ යන දුර සහ පාර වැනි ඉලක්කයක් නිසා ඔබ අතරමන් වීමට ඇති හැකියාව අඩුය.

පහත පින්තූරය බලන්න. 

declination 2

ඔබේ ඉලක්කය කූඩාරම වැනි දෙයක් වූ විට මීටර් 53ක වෙනසක් ඔබව කූඩාරමෙන් ඉවතට ගෙන යාමට ඇති හැකියාව වැඩිය.

ඊළඟට

 Declination හෙවත් උතුරු අතර වෙනස

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
Hiking navigation skills 01 sinhala book

Buy E-Book Here

ශ්‍රී ලංකාව තුල වෘත්තීය මට්ටමෙන් සිංහල භාෂාවෙන් Navigation විෂය සම්බන්ධව ලියවුණු පොත් තිබුණද Hiking සහ Back-Country කෑම්පින් වලට අදාලව මෙකී විෂය වෙනුවෙන් සරල සිංහල භාෂාවෙන් ලියවුණු පොතක් පලකිරීම මාගේ අභිප්‍රායයි.
pace count ranger beads

රේන්ජර්ස් බීඩ්ස් 2.0

සුප්‍රසිද්ධ උතුරු ඇමරිකානු Hiking මාර්ගයන්හි උපයෝගී කරගන්නා සහ ලෝකයේ බොහෝමයක් පළපුරුදු Hike කරන පුද්ගලයන් ඇතුළු හමුදා භටයින්, දඩයක්කරුවන් ගොඩබිමේදී භාවිතා කරන ඉතා සරල ක්‍රමවේදයකින් යුත් සහ අඩු බරක් සහිත උපකරණයක්..
ඉරෙන් දිශාව සොයමු

ඉරෙන් පාර හොයා ගමු.

ආලෝකය, උණුසුම ලබා දීමට අමතරව ඈත අතීතයේ සිට ඉර මිනිසාට පාර පෙන්වූ පැහැදිලිව තම ගමන දක්වන ස්වභාවික වස්තුවක් වශයෙන් හැඳින්විය හැකිය.
Total
0
Share