Dark Light
බොහොමයක් ටෙන්ට් වර්ග වල මෙහි සඳහන් තක්සේරු අගයන් සඳහන් කර ඇති අතර වැසි සහිත කාලයක් ඔබේ ගමන යෙදී ඇත්නම් ඒ ගැන හොඳින් සොයා බලන්න

තද වැසි සමයන් සහිත ශ්‍රී ලංකාව වැනි රටක ජීවත් වන අපට Hiking සහ Camping සඳහා කූඩාරමක් තෝරා ගැනීමේදී එය කෙතරම් දුරට ජල කාන්දුවකට ඔරොත්තු දෙන්නේද යන්න අතිශයෙන් වැදගත් කාරණයකි.

මෙකී අගය මනිනු ලබන්නේ මිලිමීටර්(mm) වලින් වන අතර අගය වැඩි වන්නට වන්නට වැස්සෙන් සහ ජල කාන්දුවෙන් වඩාත් හොඳ ඔරොත්තු දීමක් කූඩාරමට ලැබේ.

320x480

නිතරම කාලගුණ වාර්තාව පිළිබඳ සැලකිලිමත් වන්න. එලෙසම එකී කාලගුණයට අදාලව ඔබට අවශ්‍ය ටෙන්ට් එක තෝරා ගන්න.

වැසි ජලය ඔබගේ කූඩාරම ඇතුලට පැමිණීම ඔබගේ ගමනට හෝ රාත්‍රියට කොහෙත්ම පහසුවක් ගෙන දෙන්නේ නැත. එය අමතර බරක් මෙන්ම අසනීප තත්වයක් වුවද ඇති කරවීමට හේතු සාදයි.

කූඩාරමේ ජල තක්සේරු අගයඔරොත්තු දීම පිළිබඳ විස්තරය
මිලිමීටර් 0-5000සාමාන්‍ය වැස්සකට වුවද ඔරොත්තු දීමේ හැකියාවක් නැත. පින්නකට, දිය සීරාවට (Moisture) ඔරොත්තු දීමට පුළුවන.
මිලිමීටර් 5001-10000අඩු සැරකින් හෙවත් වැඩි පීඩනයක් නැති සාමාන්‍ය වැස්සකට සහ ජලය රඳවා තැබීමකට ඔරොත්තු දෙයි.
මිලිමීටර් 10001-15000සාමාන්‍ය සැරකින් යුතු වැස්සකට සහ ජලය රඳවා තැබීමකට ඔරොත්තු දෙයි.
මිලිමීටර් 15001-20000වැඩි සැරකින් හෙවත් පීඩනයක් සහිත තද වැස්සකට සහ ජලය රඳවා තැබීමකට ඔරොත්තු දෙයි.
මිලිමීටර් 20001 වැඩිඉතා ඉහල ප්‍රමාණයක් පීඩනයක් සහිතව වසින මහා වැසි වලටද ඔරොත්තු දෙයි.

.

මෙකි අගයන් විස්තර කර තිබුනද ඔබ විසින් නිසි පරිදි කූඩාරම රඳවා නැතිනම් එහි සඳහන් අගයට ඔරොත්තු දීමක් ඔබට ලැබෙන්නේ නැත. විශේෂයෙන් ටෙන්ට් එකේ Guy-Line හොඳින් ඇදී සවිවී ඇති දැයි සොයා බලන්න.

ටෙන්ට් එකේ මතුපිට ඇකිලී ඇත්නම් හෝ Guy-Line සඳහා යොදා ගන්න ලණු ඇකිලී ඇත්නම් මෙකී තත්වය ඇතිවිය හැකිය.

මෙලෙස ටෙන්ට් එක ඇකිලී ගොස් හෝ නිසි පරිදි ඇදී Guy-Line සවිවී නැති විට ජලයේ හෝ වැස්සේ පීඩනයට එහි මතුපිට ඔරොත්තු දීමේ හැකියාව සෑහෙන ප්‍රමාණයකින් අඩුවේ.

Logo

එලෙසම දැඩි හිරු රශ්මියට නිරාවරණය වීම නිසා, බොහෝ කාලයක් භාවිතා නොකිරීම නිසාද ජලයට ඔරොත්තු දීමේ හැකියාව අඩුවිය හැකිය. විශේෂයෙන් ටෙන්ට් එකේ මැහුම් හෝ සම්බන්ධ වන තැන්(නැවුම් ඇති ස්ථාන) ගැන විමසා බලන්න.

සුළු ආලේපනයක් මඟින් එකී හැකියාව නැවත ලබා ගත හැකිය. (මේ ගැන ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න)

ද්විත්ව බිත්ති (Rain Flyer) සහිත කුඩාරම් වඩාත් හොඳ වැසි ආවරණයක් සැපයුවද නිසි ඔරොත්තු දීමක් රහිත අමුද්‍රව්‍ය යොදා ඇත්නම් ඔබ අපේක්ෂා කරන සහනය ලැබෙන්නේ නැත.

තවද සුළං හමන දිශාව ගැන සැලකිලිමත් වන්න. කූඩාරමේ හුස්ම ගැනීමේ හැකියාව වැඩි කිරීමට ඇති කවුළු නිසි පරිදි වැසී ඇත්දැයි බලන්න. මෙකී කාරණා සහ ටෙන්ට් එකේ ඔරොත්තු දීමේ හැකියාව අදාල නොවුනද යම් ආකාරයක පහසුතාවයක් ලැබෙනු ඇත.

ඔබගේ ටෙන්ට් එකට ඉහලින් ගස් අතු හෝ වෙනත් ස්වභාවික ආවරණයක් තිබේ නම් එය අනතුරුදායක නොවන බවට වග බලා ගන්න. හදිසි ජලය ගලා යන මාර්ගයක කූඩාරම කිසිඳු විටක පිහිටුවීම වැසි සමයකදී නොකරන්න.

වැඩි දුරටත් ඔබ ටෙන්ට් එක භාවිතා කිරීමට පළමුව එය ගමනට පෙර නිවසේදී පරික්ෂා කර බලන්න අමතක කරන්න එපා. එහි සඳහන් ආකාරයට ටෙන්ට් එකේ ඔරොත්තු දීම නැතිනම් ඔබගේ වෙළඳ මහතා හමුවී වගකීමේ(Warranty) සහතිකයට අදාල හිමිකම් ලබා ගන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
Mirror Compass Malimawa

මාලිමාව

මාලිමාවට සරල හැඳින්වීමක් සමඟ ලංකාවේ අපිට මාලිමාවක් අවශ්‍යද, මාලිමාවේ ප්‍රධාන කොටස් සහ මාලිමාවක් මිලදී ගැනීමේදී වැදගත් වන කරුණු ගැන කතා කරමු.
Hiking හෝඩි පොත

කූඩාරම ගහන්න හොඳම තැන

ඔබ රැගෙන පැමිණි සියල්ල නැවත රැගෙන යන්න. ඊට පෙර එකී ස්ථානයේ වෙනත් අය දමා ගිය දේවල් ඇත්නම් හැකි පමණ ඒවා සුදුසු පරිදි රැගෙන යන්න. ඔබට සොබා දහම නිහඬව ආශීර්වාද කරනු ඇත.
Hiking navigation skills 01 sinhala book

Buy E-Book Here

ශ්‍රී ලංකාව තුල වෘත්තීය මට්ටමෙන් සිංහල භාෂාවෙන් Navigation විෂය සම්බන්ධව ලියවුණු පොත් තිබුණද Hiking සහ Back-Country කෑම්පින් වලට අදාලව මෙකී විෂය වෙනුවෙන් සරල සිංහල භාෂාවෙන් ලියවුණු පොතක් පලකිරීම මාගේ අභිප්‍රායයි.
Total
1
Share