Dark Light
සිතියම් නැතුව මාලිමාව 02 කොටසේ ප්‍රශ්න… Hiking Navigation ඔබේ පාඩම් මාලාවේ දැනුම පරික්ෂාව. Hiking සහ Back-Country කෑම්පින් කරන ඔබ වෙනුවෙන්….
01.ලංකාවේ Hike එකකදී සරල රේඛාවක ගමන් කිරීමට මාර්ගය පහසුවෙන් සොයා ගැනීමට අපහසු හේතුවක් වන්නේ?

1. ඉහල හොඳින් වැඩුනු තුරුලතා.
2. වලාකුළු බර වන අහස.
3. තරු නොමැති රාත්‍රී අහස.
4. ඉහත සියල්ලම.

02. උතුරු දිශාවට වන්නට පිහිටි මාර්ගයකින් දකුණු ප්‍රදේශයේ කැලෑවකට ඇතුළු වූ අයෙක් නැවත මාර්ගය සොයා ගැනීමට ගමන් කළ යුතු වන්නේ?

1. නැගෙනහිර දිශාවට සරල රේඛාවක.
2. උතුරු දිශාවට සරල රේඛාවක.
3. දකුණු දිශාවට සරල රේඛාවක.
4. බස්නාහිර දිශාවට සරල රේඛාවක.

03. Index Line/Travel Arrow ප්‍රයෝජනයට ගනුයේ?

1. අප ගමන් කළ යුතු මාර්ගය දැක්වීමටයි.
2. චුම්භක උතුරු දිශාව සොයා ගැනීමටයි.
3. එය ඉලක්ක කර ගත් දිශාවට ඇති අගය පහසුවෙන් සොයා ගැනීමටයි.
4. ඉහත කී අංක 01 සහ 03.

04. Index Line එක පිහිටා තිබිය හැකි ආකාරයක් නොවන්නේ?

1. කණ්නාඩියක් ලෙසට.
2. ලුමිනස් පැහැති ඉරක් ලෙසට.
3. ඊතල හිසක් ලෙසට.
4. ත්‍රිකෝණාකාර හිඩසක අවසානයේ උලක් ලෙසට.

05. මාලිමාව භාවිතයේදී සිදු නොකළ යුතු දෙයක් වනුයේ?

01. ලෝහ උපකරණ අසල සිටීම.
02. දුරකථනය භාවිතා කිරීම.
03. පොළවට සමාන්තරව තබා ගැනීම.
04. ඉහත කී අංක 01 සහ 02
05. ඉහත කී සියල්ලම

06. Mirror මාලිමාවේ කණ්ණාඩිය පහසු කියවීමක් සඳහා තබා ගත යුත්තේ?

01. අංශක 90 කෝණයකය.
02. අංශක 45 කෝණයකය.
03. අංශක 60 කෝණයකය.
04. කැමති ඕනෑම ආකාරයකට කම් නැත.

07. මාලිමාව සමඟ අප යා යුතු ඉලක්කය නොපෙනේ නම් කළ යුත්තේ?

01. කැලෑව එලිපහලි කිරීමයි.
02. ඉර උදාවන තුරු හෝ බසින තුරු ඉවසීමයි.
03. ගමනේ දිශාවට ඇති දෙයක් ඉලක්ක කිරීමයි.
04. කඳු මුදුන් වල ගමන් කිරීමයි.

08. අප යා යුතු දිශාංකය සොයා ගැනීමට පිළිවලින් කළ යුතු වන්නේ?
A ෂෙඩ් එක ඇතුලට චුම්භක කටුව ගෙන ඒම
B ඉලක්කය ගැනීම
C Index Line එකට ඇති අගය ගැනීම

01. A, B, C
02. B, A, C
03. C, A, B
04. B, C, A

09. අංශක 320 කෝණයකින් සරල රේඛාවක ගමන් කළ අයෙකුගේ නැවත පැමිණීමේ දිශාංකය කීයද?

10. අංශක 12 කෝණයකින් සරල රේඛාවක ගමන් කළ අයෙකුගේ නැවත පැමිණීමේ දිශාංකය කීයද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
light house black and white

Waypoint සහ අපිම සිතියමක් සාදමු.(01)

ඇමරිකානු Thru-Hiking සහ දඩයම් කරන පිරිස් ඇතැම් වෙලාවට මේ වෙනුවෙන්ම සාදා තිබෙන අඩි 2 පමණ රෙදි කොඩි මේ සඳහා යොදා ගන්නවා. Waypoint සහ තවත් බොහෝ දැනුම..
using malimawa updating map compass මාලිමාව

සිතියම සෑදීම තවදුරටත්…

ඔබ නියමිත පරිමාණය සහ දිශාව දන්නා බැවින් අවට පිලිබඳ මනා අවබෝධයක් සේම අතරමං වීමට තිබෙන අවස්ථාව අඩු වී පහසුවෙන් කුඩාරම කරා නැවත පැමිණීමට හැකි වනු ඇත. එලෙසම ආපදා තත්වයකට මුහුණ නොදී වැඩි කාලයක් සුරක්ෂිතව සිටීමට මෙකී කුඩා සටහන හෙවත් සිතියම ඔබට උදවු වනු ඇත.
over hand knot

OverHand Knot

මාළු අල්ලනවිට, කඳු තරණයේදී සහ කෑම්පින් කරන විට මෙන්ම සාමාන්‍ය ජිවිතයේ සපත්තු ලේස් ගසන අවස්ථාවේ සිට වැදගත්වන ගැටයකි.
Total
0
Share