Dark Light
සිතියම් නැතුව මාලිමාව 03 කොටසේ ප්‍රශ්න… Hiking Navigation ඔබේ පාඩම් මාලාවේ දැනුම පරික්ෂාව. Hiking සහ Back-Country කෑම්පින් කරන ඔබ වෙනුවෙන්….
01. පියවර ගැනීමේදී එහි අගය වෙනස් විය හැකි ස්ථානයන් මොනවාද?

01. මුහුදු වෙරළක්.
02. මඩ කුඹුරක්.
03. කන්දක් සහ බෑවුමක්.
04. හිම සහ මඩ.
05. ඉහත සියල්ලම.

02. සමතලා බිමක ඔබගේ පියවර ගණන 66කි. කන්ද නැගීමට පියවර 71ක්ද බැසීමට 69ක්ද තැබූ ඔබගේ සාමාන්‍ය පියවර ගණන කීයද?

01. 69
02. 68
03. 66

03. පියවර මැනීමේදී සිදු කළ යුතු දෙයක් නොවන්නේ?

01. Hike එකට භාවිතා කරන Backpack එක සමඟ සැරසීම.
02. පුරුදු කකුල ආරම්භක ස්ථානයේ තබා ගැනීම.
03. සුපුරුදු ඒකකය භාවිතය.
04. කකුල් දෙකේම අගයන් මැනීම.

04. ආරම්භක කකුල තබා ඇති ස්ථානය ගණනය වනුයේ?

01. අංක 0
02. අංක 1

05. අංශක 90 ගමන වැදගත් වන හේතුවක් නොවන්නේ?

01. අතරමං නොවී ගමන් කිරීමට.
02. බාධක මඟ හැරීමට.
03. නැවත සරල රේඛාව සොයා ගැනීමට.
04. භූමියේ උස හඳුනා ගැනීමට.

06. ගමන් මාර්ගයේ බාධකයක් ඇති විට නොකළ යුතු වන්නේ?

01. ආරක්‍ෂිත උපරිම සීමාව කරා ගමන් කිරීමයි.
02. පහසුවෙන් බාධකය පසු කළ හැකි පැත්ත සොයා බැලීමයි.
03. අවදානම ගැන නොතකා ඉදිරියට ගමන් කිරීමයි.
04. අංශක 90ක වෙනසක් ගැනීමයි.

07.අංශක 40ක සරල රේඛාවක ගමනේ පැමිණි ඔබ වැවක් ඉදිරිපිටදී ගමන නතර කරනු ලබනවා. දකුණු පැත්තෙන් වැවේ සීමාව නොපෙනෙන නමුත් අනෙත් පැත්තෙන් වැව අවසන් වන ගස් වැටිය පෙනෙනවා. ඔබ යා යුත්තේ කුමන පැත්තට කුමන දිශාංකයකින්ද?

08. අංශක 310ක සරල රේඛාවකින් පැමිණි සංජුලට දැඩි බෑවුමක් නිසා ගමන වෙනස් කිරීමට සිදු වෙනවා. දකුණු දිශාවට ඒ වෙනස ගෙන මීටර් 300ක් යන විට මඩ ගොහොරුවක් නිසා යලිත් දකුණටම ගමන වෙනස් කිරීමට සිදු වෙනවා. එකී වෙනසේ මීටර් 40ක් ගිය පසු මඩ ගොහොරුවේ එක් සීමාවක් අවසන් වූ බැවින් A ස්ථානයෙන් ගමන අනෙත් සීමාව දිගේ වෙනස් කරනු ලබනවා. නැවත මුලින් පැමිණි සරල රේඛාව සමඟ බෑවුමෙන් පසු එකතු වීමට A ස්ථානයේදී එසේ වෙනස් කළ යුත්තේ කුමන පැත්තටද?

09. එකී (08 ප්‍රශ්නය) A වෙනස් කිරීමේ සිට මීටර් 40ක් ගොස් C ස්ථානයට පැමිණි සංජුල මඩ ගොහරුව අවසන් වූ බව දකිනවා. දැන් ඔහු නැවත මුල් බාධකය වන බෑවුමේ සීමාව වෙත යන්නට ගත යුතු දිශාංකය, දුර සහ පැත්ත කුමක්ද?

10. එලෙස (09 ප්‍රශ්නය) බෑවුමේ සීමාව කරා පැමිණි සංජුල එම ස්ථානයෙන් බාධකය පසුකළ හැකි බව දකිනවා. බාධකය පසු කළ පසු ඔහු නැවත මුල් සරල රේඛාව සමඟ එකතුවීමට ගත යුතු කෝණය සහ යා යුතු දුර කොපමණද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
Taut-Line Hitch

Taut-Line Hitch

දැඩි සුළං තත්වයක් තුලදී පවා කූඩාරම සමඟ මේ ගැටය භාවිතා කර ඇති අතර මාගේ අත්දැකීම් අනුව කිසිඳු ගැටළුවක් කාර්යක්ෂමතාව සහ ශක්තිය සම්බන්ධව මෙතෙක් පැන නැගී නොමැත.
Mirror Compass Malimawa

සිතියමක් නැතුව මාලිමාව

කෙටි කාලයක් තුල Hiking සහ Back-Country Camping සඳහා අවශ්‍ය දැනුමක් නොමිලේ ලබා ගන්න. මාලිමාවේ මූලික හැඳින්වීමේ සිට සිතියමක් නොමැති අවස්ථාවකදී මාලිමාවේ භාවිතය පිලිබඳ අංක 01 පාඩම් මාලාව.(Free Course 01)
Total
0
Share