Dark Light
මාළු අල්ලනවිට, කඳු තරණයේදී සහ කෑම්පින් කරන විට මෙන්ම සාමාන්‍ය ජිවිතයේ සපත්තු ලේස් ගසන අවස්ථාවේ සිට වැදගත්වන ගැටයකි.

මෙය අතිශය පහසු සහ සරල ගැටයකි. මේ ගැටය ගසා නොමැති අයකු වේ නම් එය පුදුමයකි. මෙය අයත් වන්නේ Stopper (නැවතුම්) වර්ගයේ ගැට කාණ්ඩයටය. කාර්යක්ෂමතාව 50%කි. මේ ගැටය මත තවත් ගැට රාශියක් නිර්මාණය වී ඇත. මාළු අල්ලනවිට, කඳු තරණයේදී සහ කෑම්පින් කරන විට මෙන්ම සාමාන්‍ය ජිවිතයේ සපත්තු ලේස් ගසන අවස්ථාවේ සිට වැදගත්වන ගැටයකි.

Book travel visa at iVisa.com

පහසුවෙන් ලෙහීමේ හැකියාව තරමක් අඩුය.

මෙය හඳුන්වන අනිකුත් නම් වන්නේ A Knot සහ Half knotය.

පියවරෙන් පියවර

පළමුව Q අකුරේ හැඩයට රවුමක් (Loop) සාදා ගත යුතුය. මෙය උඩින් හෝ යටින් කැමති අයුරකට කල හැකිය.

Q before Knot
පියවර 01

ඉන්පසු අතේ ඇඟිලි උපයෝගී කරගෙන රවුම ඇතුලෙන් ලණුවේ අවසාන කොණ එලියට ගෙන ආ යුතුය.

knot out over hand
පියවර 02
over hand knot
පියවර 03

එසේ එලියට ගත් විට Overhand Knot එක දිස් වන ආකාරය ඉහත පියවර 03 යටතේ දැක්වේ. දැන් කළ යුත්තේ ගැටයට දෙපැත්තෙන් ඇදීමයි.

over hand knot

මෙය Overhand ගැටය (Knot එක) යනුවෙන් හැඳින්වේ.

මා මෙම වීඩියෝ සාදන්නේ / Platform Using for Video Editing.

වීඩියෝ නිර්මාණය සඳහා මම යොදා ගන්න උපකරණ

Logo 468x60
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
Hiking Navigation course

දිශාව සොයමු

කෙටි කාලයක් තුල Hiking සහ Back-country Camping සඳහා අවශ්‍ය දැනුමක් නොමිලේ ලබා ගන්න. මිනිසා නිපදවූ කිසිඳු උපකරණයක උදවු නොමැතිව Hiking සහ Back-Country Camping කරන අපි දිශාව සොයා ගන්න අන්දම පිලිබඳ පාඩම් මාලාව.(Free Course 02)
Hiking navigation skills 01 sinhala book

Buy E-Book Here

ශ්‍රී ලංකාව තුල වෘත්තීය මට්ටමෙන් සිංහල භාෂාවෙන් Navigation විෂය සම්බන්ධව ලියවුණු පොත් තිබුණද Hiking සහ Back-Country කෑම්පින් වලට අදාලව මෙකී විෂය වෙනුවෙන් සරල සිංහල භාෂාවෙන් ලියවුණු පොතක් පලකිරීම මාගේ අභිප්‍රායයි.
Total
9
Share