සුප්‍රසිද්ධ උතුරු ඇමරිකානු Hiking මාර්ගයන්හි උපයෝගී කරගන්නා සහ ලෝකයේ බොහෝමයක් පළපුරුදු Hike කරන පුද්ගලයන් ඇතුළු හමුදා භටයින්, දඩයක්කරුවන් ගොඩබිමේදී භාවිතා කරන ඉතා සරල ක්‍රමවේදයකින් යුත් සහ අඩු බරක් සහිත උපකරණයක්..

Hiking Navigation Skills (Sinhala)- Video 06

හැඳින්වීම 

Book travel visa at iVisa.com

ඔබ ඉගෙනගත් Hike එකකදී පියවර මැනීම කුඩා දුරකදී සිතෙන් මතක තබා ගෙන කළ හැකි වුවද සාමාන්‍ය දුරක ගමනකදී එය ප්‍රායෝගික වන්නේ නැහැ. මේ ගණනය සඳහා අපට විවිධ උපකරණ සහ උපක්‍රම භාවිතා කළ හැකියි. 

සාක්කුවට දමා ගත් ගල් කැට, පිහියක් සහ කුඩා ලී පතුරක් වගේම නවීන ඔරලෝසු සහ දුරකථන ඇතුළු විවිධ විද්‍යුත් උපකරණද මේ කටයුත්තට උදවු කර ගත හැකි නොවේද?

මේ කාරණය වෙනුවෙන් සෑහෙන අතීතයක සිට සුප්‍රසිද්ධ උතුරු ඇමරිකානු Hiking මාර්ගයන්හි උපයෝගී කරගන්නා සහ ලෝකයේ බොහෝමයක් පළපුරුදු Hike කරන පුද්ගලයන් ඇතුළු හමුදා භටයින්, දඩයක්කරුවන් ගොඩබිමේදී භාවිතා කරන ඉතා සරල ක්‍රමවේදයකින් යුත් සහ අඩු බරක් සහිත උපකරණයක් ඇත. 

කුඩා කළ ඔබ ඇබකසයකින් ක්‍රීඩා කර ඇත්නම් අප මෙහි විස්තර කරන රේන්ජර්ස් බීඩ්ස් යනුවෙන් හඳුන්වන මේ යන්ත්‍රයද ක්‍රියා කරන්නේ ඒ ආකාරයටමය.

මේ උපකරණය සෑදීමට අවශ්‍ය වන දේවල්

Things using to make rangers beads 2.0

පැරකෝඩ් (Paracord)

මෙය වෙළඳපොලේ පහසුවෙන් මිලදී ගත හැකි ලණු වර්ගයකි. ප්‍රමාණයෙන් සපත්තු ලේස් එකක් වැනිය. Parachute Cord සහ 550 Cord යන නම් වලින්ද හඳුන්වනු ලබයි. මේ ලණුව ඇතුලත නූල් රාශියක් දක්නට ඇති අතර වැඩි සවියක් ඒ නිසා ලැබේ.

හිල් සහිත පබළු (බීඩ්ස්)

මෙවැනි පබළු (Beads) මැහුම් භාණ්ඩ මෙන්ම Fancy භාණ්ඩ විකුණන වෙළඳ සැල් වලින් මිලදී ගත හැක. 

ඔබ තෝරා ගත් පැරකෝඩ් එකේ වර්ණයට වෙනස් වර්ණයකින් ඔබ කැමති ආකාරයෙන් තෝරා ගන්න. ප්ලාස්ටික්, ලෝහ, ලී වැනි ඕනෑම ආකාරයක පබළු මේ සඳහා සුදුසු වේ. ශ්‍රී ලංකාව තුල අත් පැළඳුමක් වශයෙන් භාවිතා කරන බ්‍රේස්ලට් සහ විසිතුරු මාල වලද මෙවැනි බීඩ්ස් තිබෙනු මා දැක ඇත.

පබළු 13ක් මේ කාරණය සඳහා අවශ්‍ය වේ.

කතුරක්

ලයිටරයක්

Blue Lotus SPF 30 Moisturizer

සාදන ආකාරය

පළමුව පැරකෝඩ් (ලණුවෙන්) එකෙන් අඟල් 26ක (66Cm) කොටසක් කපා වෙන් කර ගන්න. 

ලණුව මැද ඇතුලේ ඇති නූල් ඉවත් කරන්න. එහෙත් එක් නූලක් විසි නොකොට පැත්තකින් තබා ගන්න. මෙය අපට ඉදිරි පියවරකදී වැදගත් වේ.

දැන් ලණුව හරි මැදින් නවන්න. එකී නැම්ම ස්ථිර වන තුරු තද කරන්න.

ඉන්පසු ඔබ ලණුවේ කපාගත් කොන් දෙක එකතු කර Overhand ගැටයක් ගසා ගත යුතුයි. ඔබ මේ ගැටය නොදන්නේ නම් ඒ ගැන විස්තර මෙතනින් දැන ගන්න.

මේ ගැටය ගැසීමේදී හැකි උපරිම කෙළවරින් ගසන්න මතක තබා ගන්න.

ඉන්පසු ලයිටරය උපයෝගී කරගෙන ලණුවේ කැපූ කොටස සීල් වන සේ ප්‍රවේශමෙන් පුළුස්සන්න.

මීළඟට අප පබළු ඇතුලත් කිරීම ආරම්භ කළ යුතුය. මේ සඳහා ගැට ගසා සීල් කළ පැත්ත නොව අනෙක් පැත්ත තෝරා ගන්න. පෙර අප ලණුවෙන් ඉවත් කළ නූලක් ගෙන එය උපයෝගී කරගෙන පබළු ඇතුලත් කිරීම වඩාත් පහසු වේ.

enter beads in to paracode

මෙලෙස පබළු 09ක් ඇතුලත් කරන්න. එකී පබළු ඉහල ගැටය දක්වා ගෙන එන්න. 

9 වෙනි පබළුව ඇතුලත් කර ඉහලට ගත් පසු එකී පබළුවේ සිට අඟල් 1-1/2ක- 2කක පමණ ඉඩක් තබා නැවත Overhand ගැටයක් ගසන්න.

Logo 468x60

නැවතත් පබළු 4 ක් පෙර පරිදිම ඇතුලත් කර ඉහත කී ඉඩ (අඟල් 1-1/2ක- 2කක) තබා නැවත ගැටයක් ගසන්න. 

දැන් ඔබගේ රේන්ජර්ස් බීඩ්ස් 2.0 හෙවත් පියවර ගණින උපකරණය සුදානම්.

pace count rangers beads

භාවිතා කරන ආකාරය

අපි දැන් රේන්ජර්ස් බීඩ්ස් උපයෝගී කරගෙන ගණනය කරන ආකාරය ඉගෙන ගමු. 

මෙහි පළවෙනියට එකතු කළ පබළු වලින් (පබළු 09) එක පබළුවකින් මීටර් 100ක් බැගින් ගණිනු ලැබේ. 

ඔබට මතක ඇති අප මීට පෙර (03 කොටස) මීටර් 100ක් යාමට ගතවන පියවර ගණන ගැන ක්‍රියාකාරකමක් සිදු කරනු ලැබුවා. ඔබ දැනටමත් දන්නා පරිදි මෙය ඔබටත් මටත් වෙනස් අනන්‍යවූ අංකයක් වේ. 

මේ කොටසේ උදාහරණය වෙනුවෙන් එකී මීටර් 100ක් යාමට ඔබ තැබිය යුතු පියවර ගණන 66ක් ලෙසට සිතා මේ කාරණය ගැන ඉගෙන ගනිමු. 

එනම් පියවර 66ක් තැබූ පසු ඔබ මීටර් 100 ගමන් කර ඇත. මේ උපකරණය භාවිතයේදී ගමන ආරම්භ කරන ස්ථානයේ සිට ඔබ ගමනේ 66 වන පියවරය තබන අවස්ථාවේදී යටින් පිහිටි ඉහත කී පබළු නවයෙන් එක් පබළුවක් පහතට ගෙන ආ යුතුය.

රේන්ජර්ස් බීඩ්ස් 2.0 counting

ඊළඟ මීටර් 100 හෙවත් තවත් පියවර 66 ඇවිද ගොස් ගණන් කළ පසුව තවත් පබළුවක් පහතට ගෙන එන්න. මේ ආකාරයට සෑම මීටර් 100කටම වතාවක් එක පබළුව බැගින් පහතට ගෙන එන්න.

මීටර් 900 අවස්ථාවේදී ඔබගේ උපකරණය මෙලෙස දිස් විය යුතුය.

රේන්ජර්ස් බීඩ්ස් 2.0

ඊළඟ මීටර් 100 සම්පූර්ණ කළ විට ඔබ කිලෝමීටරයක් ගමන් කර ඇත. 

දැන් ඉහල පබළු 04න් එකක් පහලට ගෙන එන්න. එකී පබළු 04න් කිලෝ මීටර් අගයන් ගණිනු ලැබේ.

මෙලෙස එක් කිලෝමීටර් පබළුවක් පහලට ගෙන එන විට අනෙකුත් මීටර් පබළු 9ම නැවත උඩට ගන්න.

රේන්ජර්ස් බීඩ්ස් 2.0

මෙකී ස්ථානයේ සිට ඉදිරියට යන විට ඔබට කිලෝමීටර් එකේ සිට ඉහලට ගණනය කිරීම් කළ හැකිය. මේ රූපයේ දැක්වෙන පරිදි උඩ පබළු එකයි යට පබළු එකයි යනු කිලෝමීටර් එකයි මීටර් 100ක් වේ.

රේන්ජර්ස් බීඩ්ස් 2.0

මේ ආදී වශයෙන් කිලෝමීටර් 04ක් දක්වා ඔබගේ ගමනේ පියවර මැනීම ඉතා පහසුවෙන් සිදු කළ හැකිය.

කිලෝමීටර් පබළු 4ට උඩින් ඇති Overhand ගැටයෙන් පසුව ඇතිවී ඇති ලණු රවුම උපයෝගී කර ගෙන මෙකී උපකරණය ඉතා පහසුවෙන් ඔබගේ බෑගයේ කර පටියේ හෝ කලිසමේ උඩින් රඳවා ගන්න. (ඔබට පහසුවෙන් ගණනය කළ හැකි තැනක) ඉතා අඩු බරක් සහිත මෙකී සරල යාන්ත්‍රණය ඔබගේ Hike එකට අනිවාර්ය මිතුරෙක් වනු ඇත. 

මෙකී උපකරණ අන්තර්ජාලයේ මිලදී ගැනීමට පවා තිබෙන අතර බොහෝ විට ඒවා විශ්‍රාමලත් හමුදා සොල්දාදුවන්ගේ සහ නිලධාරීන්ගේ අත්කම් නිර්මාණ වේ.

Take a food journey around the world
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *