ඉරෙන් පාර සොයා ගන්න ආකාරයට අමතරව තවත් එක ක්‍රමයක් හඳෙන් පාර සොයා ගැනීමට ඇත. මෙය යොදා ගනිමින් දිශාව සොයන්නේ නම් විශේෂයෙන් සැලකිය යුතු කාරණයක් නම් මෙහි නිරවද්‍යතාවය අනෙකුත් ක්‍රම තරම්ම ඉහල නොමැති බවත් වෙනත් විකල්පයක් නොමැති නම් පමණක් මෙකී ක්‍රමවේදය අවසාන සරණ වශයෙන් උපයෝගී කරගැනීම සුදුසු බවත්ය.

Hiking Navigation Skills (Sinhala)- Video 08

හඳ අපේ Hike එකේ දිශාව හොයා ගන්න?

හඳෙන් දිශාව සොයා ගැනීමට පෙර.

හදිසි අවස්ථාවකදී හැරෙන්නට රාත්‍රී කාලයේ Hike කිරීම සුදුසු නොවන අතර වෙනත් භාවිතා කළ හැකි නිසි උපකරණ නොමැති නම් සහ විකල්පයක් නොමැති නම් පමණක් හඳ අවසාන අවස්ථාව ලෙසට භාවිතා කර රාත්‍රී කාලයේ Hike කරන්න.

හඳේ ගමන

ඉරෙන් දිශාව සොයා ගන්නා තරම් පහසුවෙන් හඳෙන් දිශාව සොයා ගත නොහැකි අතර හඳ අපගේ පෘථිවිය වටේ ගමන් කරන බැවින් එකී ගමන් මාර්ගය සහ හඳ මතට හිරු එළිය වැටීම යන හේතු දෙකම පදනම් කර ගෙන එහි දර්ශනය වෙනස්වේ.

හිරු මෙන් හඳ ආලෝකය නිපදවීමක් සිදු නොකරයි. සම්පූර්ණ ගෝලයම අපට හොඳින් දිස්වනුයේ හඳේ හිරු එළිය වැටෙන පැත්ත පෘථිවිය දෙසට මුහුණලා සිටින විටය. මෙය අප හඳුන්වන්නේ පසළොස්වක යනුවෙන්ය.

හඳේ ගමන ආරම්භ වන්නේ අමාවක හෙවත් හඳේ ගෝලය මතට හිරු එළිය වැටෙන පැත්ත අපට නොපෙනෙන විටය. මෙකී අවස්ථාවේ හඳ පිහිටා ඇත්තේ පෘථිවිය සහ හිරු මැදය. මෙය අළුත් හඳ ලෙසට ගමු. 

අළුත් හඳේ පෘථිවිය වටා යන ගමන ආරම්භ කළ පසු ටිකෙන් ටික දකුණු පැත්තට වන්නට ආලෝකය වැඩි වෙයි. 

ගමනෙන් කාලයක් (1/4) දුර පැමිණි විට අඩ සඳක් දිස්වෙයි. භාගයක් දුර පැමිණි විට පහළොස්වක හෙවත් ඉහත කී සම්පූර්ණ හඳද, නැවත ගමනෙන් හතරෙන් තුනක් ගිය විට අඩ සඳද පෙනෙයි.

මේ අවස්ථාවේදී හඳේ වම් පැත්ත ආලෝකමත් වී තිබෙනු ඔබට පෙනෙනු ඇත.

නැවත ආරම්භක හඳ හෙවත් අමාවක දක්වා හඳේ අප හට දිස්වන ආලෝකය අඩු වනු ඇත.

මෙකී සම්පූර්ණ වෙනස් වීමට ආසන්න වශයෙන් දින 29ක් පමණ කාලයක් ගත වෙයි.

හඳෙන් දිශාව

හඳෙන් දිශාව සොයා ගන්නා පළවෙනි ක්‍රමය ලෙස හඳ උදාව සහ බැස යාම සැලකිය හැකිය. ඉර පරිදිම හඳ උදා වන්නේ නැගෙනහිර දිශාවෙන් වන අතර බැස යාම සිදු වන්නේ බස්නාහිර දිශාවෙන් වේ. 

පසුගිය මාතෘකාවෙන් අප කතා කළ ඉර එළියෙන් සෙවනැල්ල උපයෝගී කරගනිමින් දිශා හතර සොයා ගත් ආකාරයටම සෙවනැලි ක්‍රමයෙන් දිශාව සොයා ගත හැකිය.* මෙය ඉර තරම් පහසුවෙන් යොදාගත නොහැක්කේ ආලෝකය එතරම් ප්‍රබල නොවන බැවිනි. එලෙසම අමාවක දිනකදී  හෝ ආලෝක දූෂණය වැඩි නම් මෙකී ක්‍රමය භාවිතා කළ නොහැකිය. 

*මේ ගැන වැඩි දුර විස්තර ඉරෙන් පාර හොයා ගමු ලිපිය සමඟ බලන්න.

ඉරෙන් පාර සොයා ගන්න ආකාරයට අමතරව තවත් එක ක්‍රමයක් හඳෙන් පාර සොයා ගැනීමට ඇත. මෙය යොදා ගනිමින් දිශාව සොයන්නේ නම් විශේෂයෙන් සැලකිය යුතු කාරණයක් නම් මෙහි නිරවද්‍යතාවය අනෙකුත් ක්‍රම තරම්ම ඉහල නොමැති බවත් වෙනත් විකල්පයක් නොමැති නම් පමණක් මෙකී ක්‍රමවේදය අවසාන සරණ වශයෙන් උපයෝගී කරගැනීම සුදුසු බවත්ය.

Moon හඳ

අඩ සඳක් ඇති මොහොතක මේ රූපයේ දැක්වෙන ආකාරයට උඩ සහ යට යා කරමින් සිතෙන් ඉරක් සාදා ගන්න.

එකී ඉර නැත්නම් ඊතලය පොළව දක්වා ගෙන එන්න. ඔබ දකුණු අර්ධ ගෝලයේ සිටින්නේ නම් එකී පොළවේ ඊතලයෙන් දැක්වෙන ස්ථානයෙන් දකුණු දිශාව පෙන්වයි.

ඔබ දකුණු අර්ධ ගෝලයේ සිටින්නේ නම් උතුරු දිශාව පෙන්වයි.

මේ සම්බන්ධ සම්පූර්ණ වීඩියෝව

මේ ක්‍රමය පුර පසළොස්වක දිනයකදී හෝ අමාවක දිනයකදී යොදා ගත නොහැකිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
pace count ranger beads

රේන්ජර්ස් බීඩ්ස් 2.0

සුප්‍රසිද්ධ උතුරු ඇමරිකානු Hiking මාර්ගයන්හි උපයෝගී කරගන්නා සහ ලෝකයේ බොහෝමයක් පළපුරුදු Hike කරන පුද්ගලයන් ඇතුළු හමුදා භටයින්, දඩයක්කරුවන් ගොඩබිමේදී භාවිතා කරන ඉතා සරල ක්‍රමවේදයකින් යුත් සහ අඩු බරක් සහිත උපකරණයක්..
Hiking හෝඩි පොත

කූඩාරම ගහන්න හොඳම තැන

ඔබ රැගෙන පැමිණි සියල්ල නැවත රැගෙන යන්න. ඊට පෙර එකී ස්ථානයේ වෙනත් අය දමා ගිය දේවල් ඇත්නම් හැකි පමණ ඒවා සුදුසු පරිදි රැගෙන යන්න. ඔබට සොබා දහම නිහඬව ආශීර්වාද කරනු ඇත.
Hiking and navigation skills මාලිමාව

ප්‍රශ්න – 04 කොටස

සිතියම් නැතුව මාලිමාව 04 කොටසේ ප්‍රශ්න… Hiking Navigation ඔබේ පාඩම් මාලාවේ දැනුම පරික්ෂාව. Hiking සහ Back-Country කෑම්පින් කරන ඔබ වෙනුවෙන්….
hiking මාලිමාව

පිළිතුරු

Hiking සහ Back-Country කෑම්පින් කරන ඔබ වෙනුවෙන් Hiking Navigation Skills සිංහල පාඩම් මාලාවේ ප්‍රශ්න සඳහා පිළිතුරු..
Total
0
Share