ඇමරිකානු Thru-Hiking සහ දඩයම් කරන පිරිස් ඇතැම් වෙලාවට මේ වෙනුවෙන්ම සාදා තිබෙන අඩි 2 පමණ රෙදි කොඩි මේ සඳහා යොදා ගන්නවා. Waypoint සහ තවත් බොහෝ දැනුම..

Hiking Navigation Skills (Sinhala)- Video 04

Waypoint

Hiking සහ Back-Country කෑම්පින් කරන අපට සිතියම් භාවිතයක් නොමැතිව මාලිමාව භාවිතා කරන අවස්ථාවලදී මෙන්ම සිතියම් භාවිතයේදීද වැදගත් වන මාතෘකාවක් ලෙසට Waypoint හැඳින්විය හැකිය.

Take a food journey around the world

මේ සම්බන්ධව පොතේ අර්ථ දැක්වීමකට නොයා Hiking සහ Back-Country කෑම්පින් පොඩ්ඩකට අමතක කර ගමනාගමනය සම්බන්ධව අපගේ සාමාන්‍ය ජීවිතයේ සිදුවන සරල සිදුවීමක් ඇසුරෙන් Waypoint යනු කුමක්ද යන්න අපි විමසා බලමු.

ලංකාවේ ජනප්‍රියතම ප්‍රවාහන මාදිලිය වන බස් සේවය භාවිතා කරන අයෙක් නම් බසය ලබා ගැනීම සඳහා බස් නැවතුමකට යා යුතු වග ඔබ දන්නවා.

මෙහි දැක්වෙන ආකාරයට බස් නැවතුම දක්වා සිටින විශේෂ සලකුණු මඟින් පහසුවෙන් බස් නැවතුමක් හඳුනා ගත හැකියි. එසේ නොමැති අවස්ථාවලදී එකී ස්ථානය විස්තර වන විශේෂ නමකින් ලංකාවේදී අප එම බස් නැවතුම හඳුන්වනු ලබනවා. උදා. ගාමිණී හෝල්, පන්සල් හන්දිය වශයෙන්..

බස් නැවතුම

බස් නැවතුමකදී ඔබට බසයට නගින්නට පුළුවන්. එලෙසම බහින්නත් පුළුවන්. බසයෙන් බැස ගොස් අපට වෙළඳසැලකින් භාණ්ඩ මිලදී ගැනීම, පාසල් යෑම වැනි  කටයුතු කිරීමට පුළුවන්. නැවතත් අපගේ නිවස වෙත යන්නට බස් නැවතුමට පැමිණිය හැකියි. 

බස් නැවතුමේදී අප ගමන ආරම්භ කළ සේම අපගේ ගමන වෙනත් දිශාවකට වෙනස් කිරීමටද පුළුවන්.

Waypoint කියන්නෙත් බස් නැවතුම් වැනිම ස්ථානයක්. Hike එකකදී නැත්නම් Back-Country කෑම්පින් ගමනකදී ඔබගේ ගමන වෙනස් කරන්නට උදවු වන, ඔබට අවට විස්තර ගවේෂණය කළ හැකි සහ ඔබගේ නැවත පැමිණීමේ මාර්ගය සුරක්ෂිත කරන ස්ථානයක් ලෙසට මෙය සරලවම කියා සිටිය හැකියි.

Waypoint දෙයාකාරයකට විස්තර කළ හැකියි. 

මෙහි පළමු ආකාරය නම් දැනටමත් පිහිටා ඇති Waypoint වේ.

දැනටමත් පිහිටි Waypoint.

ප්‍රධාන මාර්ගයන්හි සහ නගර ගම් වල ඉදිකර පිහිටා තිබෙන බස් නැවතුම් ලෙසම මෙවැනි Waypoint නොවෙනස්ව ඔබ යන ගමන් මාර්ගයේ හෝ ඒ අසල පිහිටා තිබේ.

මේ පළමු ආකාරයේ Waypoint පිලිබඳ දැන් අපි උදාහරණ සමඟ විමසා බලමු. 

අනෙකුත් ගස් අතර කැපී පෙනෙන විශාල ගසක්, අධි බලැති විදුලි රැහැන් සහිත හෝ දුරකථන සන්නිවේදක කණුවක්, පාලමක්, දිය පහරක් හෝ ජල මූලාශ්‍ර වැනි සුලබව දකින්නට හැකි උදාහරණ ඕනෑ තරම් දිය හැකියි. වැදගත් වනුයේ අපට අපගේ ගමනේදී මේ දෙය වෙන් කර හඳුනා ගැනීමට ඇති හැකියාව පමණයි.

ඉහත උදාහරණ අනුව ස්වභාව ධර්මය වගේම මිනිසා සහ සතුන් විසින්ද මේ Waypoint ඔබ යන ගමන් මාර්ගයේ නිර්මාණය කර තිබිය හැකියි.

මෙහි බලපෑම වඩාත් තේරුම් ගැනීමට දෙවැනි ආකාරයේ Waypoint හඳුනා ගැනීම වැදගත්වේ.

දෙවැනි ආකාරය නම් අප විසින්ම Waypoint එකක් නිර්මාණය කර ගැනීම

Waypoint එකක් නිර්මාණය කර ගැනීම.

එකම ප්‍රමාණයේ ගස් සහිත කැළෑවක් වැනි අපට වෙන් කර හඳුනා ගත හැකි දැනටමත් පිහිටා තිබෙන Waypoint නොමැති ප්‍රදේශයක ගමන් කරන විට මේ ක්‍රියාකාරකම වැදගත් වනවා.

මෙවැනි ප්‍රදේශයක Hike කරන ඔබට ගමන් මාර්ගයෙන් පිටට යාමේ උවමනාවක් ඇති වෙනවා. Hike කරන අපට මෙවැනි අවශ්‍යතා සාමාන්‍යය බව දැනටමත් ඔබ අත්දැකීමෙන් දන්නවා නේද? වතුර සෙවීමට, දර සොයා ගැනීමට, නැත්නම් අලංකාර දර්ශනයක් නැරඹීමට මෙකී අවශ්‍යතාවය ඇති වූවා විය හැකියි.

එකී කුමන අවශ්‍යතාවය පැන නැගුනද ගමන් කරන සරල රේඛාවෙන් හෝ මාර්ගයෙන් ඉවතට යාම හේතුවෙන් ඔබ ඒ ප්‍රදේශයේ අතරමං වීමේ සම්භාවිතාවය වැඩි විය හැකියි. එනමුත් Waypoint එකකට ඔබේ ආරක්ෂාව තහවුරු කිරීමේ හැකියාව තිබෙනවා. 

ඔබ කළ යුතු වන්නේ පැහැදිලිව පෙනෙන රෙදි කඩක් 

  1. ඔබේ කමිසය/Jacket එක
  2. තුවාය
  3. තොප්පිය වැනි දේ..

නැත්නම් කැපී පෙනෙන වර්ණයකින් යුතු ඕනෑම භාණ්ඩයක් 

  1. ඔබේ Backpack එක
  2. Dry බෑග් 
  3. කුඩාරමේ කොටසක්
  4. පාට කුඩයක් වැනි දේ

 සොයා ගැනීම පමණයි.

ඉහත කී ආකාරයට එකම ආකාරයේ ගස් සහිත කැලෑවක ඇවිද යන විට හෝ පඳුරු සහිත ප්‍රදේශයකදී ඔබට මුළු ප්‍රදේශයම වැඩි වෙනසකින් තොරව එකම ආකාරයට දිස් වන වග ඔබ පලපුරුද්දෙන්ම දන්නවා නේද?

දැන් ඔබ කළ යුත්තේ මේ ප්‍රදේශයේ ඇති කැමති ඕනෑම ගසක් හෝ පඳුරක් හෝ ඉහත කී රෙදිකඩ හෝ භාණ්ඩය රැඳවිය හැකි ඕනෑම දෙයක් තෝරා ගෙන ඒ මත ඔබගේ රෙදි කඩ හෝ භාණ්ඩය පැහැදිලිව පෙනෙන පරිදි තැබීමයි.

Logo 468x60

ඇස් මට්ටමට තැබීම වඩාත් සුදුසු නමුත් ඔබ සිටින භුමියේ උස් පහත් බව අනුව සහ අවස්ථානුකුලව මෙකී තැබිය යුතු හෝ රැඳවිය යුතු ස්ථානය ඔබට තීරණය කළ හැකියි. වෙනත් ආකාරයකට කිවහොත් අවශ්‍යතාවයේ පරිදි වැඩි දුරක් පෙනෙන ස්ථානයක රැඳවීම වඩාත් සුදුසුයි.

මෙලෙස Waypoint එකක් නිර්මාණය කර ගත් පසුව ඔබට එකී සලකුණ පෙනෙන මානය තෙක් කැමැති ආකාරයට ඔබගේ අවශ්‍යතාවය වෙනුවෙන් නිදහසේ අතරමං නොවී ඇවිදින්නට හැකියාව ලැබෙනු ඇත.

ඇමරිකානු Thru-Hiking (එක දිගට විශාල දුරක් ඇවිද යන අය) සහ දඩයම් කරන අය ඇතැම් අවස්ථාවලදී මේ වෙනුවෙන්ම නිර්මාණය කර තිබෙන අඩි 2ක පමණ දිග සහ පළලින් යුතු රෙදි කොඩි මේ සඳහා යොදා ගනු ලබනවා. එනමුත් ඔබට මේ කටයුත්ත වෙනුවෙන් එලෙස කොඩි මිලදී ගැනීම අත්‍යවශ්‍ය නැහැ. ඉහත පැවැසූ ආකාරයට පහසුවෙන් දෙවැනි ආකාරයේ Waypoint එකක් ඔබටම ගමනේදී සාදා ගත හැකියි.

ඒ කිසිම දෙයක් නොමැති නම් ගසකින් කඩන ලද අත්තක් වුවද ඔබට යම් තාක් දුරකට උදවු වන බව අප ආදී වාසී ජනතාවගේ ජීවිත අත්දැකීම් සහ චාරිත්‍ර හරහා ඔබ අසා ඇතැයි සිතනවා.

සිතියමක් සෑදීම – පෙර සූදානම

මේ කොටසේ අරමුණ නම් මෙතෙක් අප ඉගෙන ගත් දැනුම යොදා ගෙන සිතියමක් නොමැතිව මාලිමාව භාවිතා කර අපගේම සිතියමක් නිර්මාණය කර ගැනීමයි.

විශේෂයෙන් අප නොදන්නා ප්‍රදේශයක Back-Country කෑම්පින් කරන්නේ නම් වැඩි කාලයක් උපද්‍රව අනතුරු රහිතව සහ පාලනයකින් යුතුව සිටීමට ප්‍රදේශය පිලිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම වැදගත් වේ. එලෙසම ගමනේදී ඇතිවන හදිසි අවශ්‍යතා සහ වෙනස්වීම් හේතුවෙනුත් මෙකී කාරණය ඉතාම වැදගත් වනු ඇත.

ලංකාවේ වනාන්තර සතු ජීව ගුණයත් (ජල සම්පත්, ආහාර ලබා ගැනීමේ හැකියාව) සමඟ අප මේ හැකියාව දියුණු කර ගතහොත් හදිසි උපද්‍රවයක් සිදුවූයේ නොමැති නම් මාස ගණනක් වුවද අපට අපගේ දිවි රැකගෙන ජීවත් වීමේ හැකියාව තිබේ.

ඒ නිසා කලබලයකින් තොරව මේ පාඩම හදාරන්න.

මාලිමාව භාවිතා කරන ආකාරය මේ වන විට අප දන්නවා. එලෙසම මාලිමාව යොදා ගෙන සරල රේඛාවක ගමන් කිරීම, පියවර මැනීම හරහා අප යන දුර මැනීම සහ බාධකයකදී අංශක 90ක වෙනසක් ඇති කර ගැනීම ගැනත් අප මීට පෙර කතා බහ කළා. මේ කොටසේදී වැඩි දුරටත් අප Waypoint ගැන ඉගෙන ගත්තා.

සිතියමක නිර්මාණයට මේ හැම කාරණයක්ම වැදගත් වෙනවා. මේ කොටසේ උත්සහය එකී හැම දෙයක්ම එක් සරල උදාහරණයක් මඟින් විස්තර කිරීමයි. 

ඒ සරල උදාහරණය සමඟ අපි දැන් සිතියම සාදමු.

උදාහරණය

ඔබ කැමති ඕනෑම Hike එකකට යන්න. අද රාත්‍රිය ඔබ මෙහි Back-Country කෑම්පින් කිරීමට සුදානම්ව සිටින්නේ. කුමන ආකාරයක පරිසරයක ඔබ සිටින්නේද යන්න ගැන ඔබට නිවැරදි අවබෝධයක් නැහැ. 

මේ වෙන කොට ඔබ ඔබගේ කුඩාරම සෑදිය යුතු ස්ථානය තීරණය කර අවසන්. දැන් ඔබ උත්සහ කරන්නේ රාත්‍රිය උදා වීමට ප්‍රථම වටපිටාව ගැන මනා අවබෝධයක් ලබා ගැනීමටයි. 

මේ සඳහා උදවුවෙන හොඳම දේ නම් සිතියමක් තමයි. ඒත් ලිඛිත සිතියමක් ළඟ පාතකවත් නැහැ. දුරකථන සංඥා නැහැ. ඒ නිසා ඩිජිටල් සිතියමක්ද ඔබ සතුව නැහැ. 

මෙවැනි අවස්ථාවක බලාපොරොත්තු නැති කර ගැනීමට අවශ්‍ය නැහැ. දැනටමත් ඔබට මෙවැනි තත්වයකට මුහුණ දීමට අවශ්‍ය මූලික දැනුම තිබෙනවා.

ඔබ මුලින්ම සොයා බැලීම සඳහා යා යුතු පැත්තක් (දිශාවක්) තීරණය කළ යුතුයි. හිතන්න. ඔබට පේනවා (ඔබගේ කුඩාරම තිබෙන තැන සිට බැලූ විට) විශාල අඹ ගසක්. ඔබ මුලින්ම එකී ගස අසලට යන්නට අදහස් කරනවා.  

කුඩාරමේ සිට අඹ ගසට ඔබ දැන් අගයක් (දිශාංකයක්)  මාලිමාවෙන් ගත යුතුයි. ඔබට මතක ඇති චුම්බක කටුව ෂෙඩ් එක ඇතුලට දැමූ පසුව Index Line එකේ පෙන්වන අගය. (02 කොටස)

මෙය ඔබ සටහන් කර ගන්න. දැන් ඔබ කුඩාරමේ සිට අඹ ගස දෙසට පියවර මනිමින් ඇවිද යන්න. ඒ පියවර ගණනද සටහන් කර ගන්න. මෙය ඉතාම සරල කටු සටහනක්.

note for map

මේ සටහනට ඔබට කැමැති නම් තවත් පේලි කිහිපයක් එකතු කර ගත හැකියි. උදාහරණ වශයෙන් නැවත පැමිණීමේ දිශාංකය, ගමන් කරන පෙදෙසේ විශේෂ ලක්ෂණ (උදා. තණ බිමක්, මඩ සහිත බිමක්, අධික යටිරෝපණයක්, බෑවුමක්…) මෙවැනි ඕනෑම ඔබට සුදුසු යැයි හැඟෙන වැඩි විස්තර මෙයට එකතු කර ගත හැකියි. 

මෙහි සඳහන් ආරම්භක සහ අවසාන ස්ථානවලදී අපගේ ගමන නැවත වෙනස් කරන හේතුවෙන් එම ස්ථාන Waypoint ලෙසට හැඳින්විය හැකියි. 

ඉහත කී පරිදි අඹ ගස අසලට ගිය ඔබට තරමක් ඈතින් කළුගලක් පෙනෙනවා. ඉන්පසු අඹ  ගසේ සිට ඒ දෙසට යාමට ඔබ තීරණය කරනවා. 

නැවතත් ඔබ ඉහත කටු සටහනේ විස්තර සටහන් කර ගැනීමට මාලිමාවෙන් අගය ගත යුතුයි. එලෙසම කළු ගල අසලට ඇති පියවර ගණනද සටහන් කර ගන්න.

note for map

මේ සෑම අවස්ථාවකම අලුත් පේලියක ආරම්භක ස්ථානය (Waypoint) වනුයේ පෙර ගමන අවසන් කළ ස්ථානයයි. මෙලෙස ඔබ අවට විමසමින් යන ගමනේ සෑම ආරම්භක සහ අවසාන Waypoint එකක්ම ඉහත කී විස්තර සහිතව ලකුණු කර ගන්න.

මෙලෙස සලකුණු කර ගත් පසුව පළමුව ඔබ කළ යුත්තේ පියවර ප්‍රමාණය මීටර් වලට පරිවර්තනය කිරීමයි. පියවර මැනීමේ මාතෘකාවේ මීටර් 100ක් යාමට ඔබ හට තැබීමට අවශ්‍යවන පියවර ගණන පිලිබඳ අප කතා බහ කළ බව ඔබට මතකද?

ඔබ මීටර් 100 යාමට අවශ්‍ය පියවර මැනීම පිලිබඳ එකී කොටසේ සඳහන් ක්‍රියාකාරකම සිදු කළේ නම් මේ වනවිට ඔබට අදාල වන පියවර ගණන දන්නවා. ඒ අගය ඔබටම අනන්‍ය අගයක්. 

ඒ නිසා මේ උදාහරණයේ දැක්වෙන අගය ඔබට අදාල නොවිය හැකි බව මතක තබා ගන්න. 

මේ උදාහරණය වෙනුවෙන් මීටර්100ක් යාමට තැබිය යුතු පියවර ගණන 71ක් වශයෙන් අපි ගනිමු.

මෙය ඉතාමත් සරල ගණනයක්. ඔබ තැබූ පියවර ප්‍රමාණය ඔබට මීටර් 100ක් යාමට ගතවන පියවර ගණනින් බෙදිය යුතුයි.

පළවෙනි පියවර අගය ගමු. කුඩාරමේ සිට අඹ ගහ වෙත යාමට පියවර 85ක් ගණනය කර තිබුණා. දැන් අප 85 කියන අගය 71න් බෙදිය යුතුයි.

85 / 71 = 1.197

ඉන්පසු ඒ අගය 100න් වැඩි කරන්න.

119.7

ආසන්නතම අගයට බැලුවහොත් 120. 

කුඩාරමේ සිට අඹ ගහට යාමට ඇති දුර මීටර් 120යි. 

මේ ආකාරයට ඔබ අනෙකුත් පියවරද මීටර් බවට පරිවර්තනය කර ගන්න.

තැබූ පියවර ගණන (/බෙදීම) ඔබට මීටර් 100ක් යාමට අනන්‍ය පියවර ගණන (වැඩි කිරීම) 100 = මීටර් වලින් දුර

chart with transferring

මීළඟට මේ තොරතුරු උපයෝගී කර ගෙන සිතියමක් සාදා ගන්නා ආකාරය අපි විමසා බලමු.

සිතියම සෑදීම

මේ සඳහා කටු සටහනේ ඇති Waypoint ගණනට අදාලව අඩියක් පමණ දිග ලී ඉනි කැබලි සුදුසුයි. ඉහත උදාහරණය ගතහොත් ලී ඉනි කැබලි 06ක ප්‍රමාණයක් අවශ්‍ය වේ. 

කුඩාරම සවිකිරීමට උපයෝගී කර ගන්නා Tent stakes වුවද මේ කටයුත්ත සඳහා පහසුවෙන් ඔබට යොදා ගත හැකියි. (කුඩාරම සවි කිරීමට පෙර හෝ අතිරික්තයක් ඇත්නම්)

tent stakes

සමතලා පොළවක කැමති තැනක ඔබගේ පළමු ලී ඉන්න හෝ Stake එක ගසන්න.

tent stake in the snow

මීළඟ පියවරට යෑමට පෙර ඔබට කෝදුවක් අවශ්‍ය වනවා. ඔබට කෝදුවක් නැත්නම් කලබල වෙන්න එපා. කෙළින් තිබෙන (ඇද නැති) ලී කෝටුවක් භාවිතා කර පහත විස්තර කරන ආකාරයට කෝදුවක් සාදා ගන්න පුළුවන්.

මෙකී කෝදුව අප යොදා ගන්නේ සිතියමේ පරිමාණය වෙනුවෙන් වන අතර මේ සඳහා සම්මත මිනුම් අගයන් අත්‍යවශ්‍යයෙන් වැදගත් වන්නේ නැහැ. 

කෝදුවක් තිබෙනවා නම් පමණක් සම්මත මිනුම් ඒකක වන අඟල්, සෙන්ටිමීටර් වැනි ඒකකයකට යා හැකියි.

එලෙසම ඔබට ඔබේම මිනුම් ඒකකයක් හඳුන්වා දිය හැකියි. උදාහරණයක් වශයෙන් මාගේ පිහියේ පළල මිනුම් ඒකකයක් ලෙසට මම යොදා ගනු ලබනවා. එක සමාන පළලින් යුතු මිනුම් ඉරි කිහිපයක් සහිත කෝදුවක් රූපයේ දැක්වෙන ආකාරයට ඉතා පහසුවෙන් නිර්මාණය කර ගත හැකියි

.

දැන් ඔබ මේ මිනුම් ඒකකයට අගයක් නැත්නම් පරිමාණය දැක්වීමක් කළ යුතු වෙනවා. මාගේ තිබෙන දුර අනුව සෑම මීටර් 20ක්ම එක ඒකකයකින් දක්වනු ලබනවා. ඔබේ දුර අනුව මේ අගය සුදුසු පරිදි වෙනස් (අඩු හෝ වැඩි පරිමාණයක්) කර ගන්න.

අපි දැන් අපේ පළවෙනි දුර ගෙන බලමු. 

කුඩාරමේ සිට අඹ ගහ දක්වා මීටර් 120ක දුරක් තිබෙනවා. මීටර් 20ක් එක ඒකකයක් ලෙස ගත් විට සම්පූර්ණ මීටර් 120 යන්නට ඒකක 6ක් යා යුතුයි. 

මේ අගය අපට ලැබෙන්නේ 120 අගය 20න් බෙදීමෙන්.

120 / 20 = 6

එනම් කුඩාරමේ සිට අඹ ගහ දක්වා දුර දැක්වීම සඳහා අප විසින් නිර්මාණය කළ කෝදුව උපයෝගී කරගෙන එහි ඒකක 6ක් දැන් පොළවේ ලකුණු කර යුතු වෙනවා. 

මෙලෙස ලකුණු කිරීමට පෙර මාලිමාව යොදා ගෙන දිශාංකය සොයා ගත යුතුයි. අපගේ කටු සටහන පරිදි අංශක 80ක දිශාංකයකින් ඒකක 6ක් පළමු Stake එකේ හෝ ලී ඉන්නේ සිට ලකුණු කර දෙවැනි Stake එක හෝ ලී ඉන්න ගසන්න.

using compass on stake

මේ ආකාරයට ඔබ සියලු Waypoint පොළවේ ලකුණු කර ගන්න.

මතක තබා ගන්න. මේ සෑම ලකුණු කිරීමකම මාලිමාවේ අගයන් ලබා ගත යුතු වන්නේ ආරම්භක ස්ථානයට (ගමන වෙනස් කරන Waypoint එක) අදාල වන ලී ඉන්නේ සිට හෝ Stake එකේ සිට බව.

mark waypoints

ඊළඟ පියවර වෙනුවෙන් ඔබට කුඩා ලණු කැබැල්ලක් අවශ්‍ය වෙනවා. පළමු Stake හෝ ලී ඉන්නේ හෙවත් කුඩාරමේ සිට අවසාන Stake එක හෝ ලී ඉන්න වන අඩි පාර දක්වා මේ ලණු කැබැල්ල ගෙන එන්න. ලණු කැබැල්ලක් නොමැති නම් පොළවේ ඉරක් සටහන් කිරීමෙන් හෝ කෝටුවක් තැබීම මඟින් මේ කටයුත්තම පහසුවෙන් සිදු කළ හැකිය.

මේ ඔබ ගමන් කළ මාර්ගයයි.

map route

අඩි පාරේ (රූපයේ තැඹිලි පාට Stake එක) සිට කුඩාරම (පළමුව සවි කළ) දක්වා ඔබ ලණු කැබැල්ලක් ඇද හෝ වෙනත් ආකාරයකට ලකුණු කර එහි දුර සහ දිශාංකය සොයා ගත් පසුව ඔබට නැවතත් සම්පූර්ණ ගමන පැමිණි මාර්ගයේ යා යුතු වෙන්නේ නැහැ.

නැවත පෙරලා කුඩාරම වෙතට යාමට දිශාංකය හෙවත් මාලිමාවේ අගය ලබා ගත යුතු වන්නේ අවසාන Stake එකේ හෝ ලී ඉන්නේ සිට වන අතර ඔබට මෙහි සඳහන් වෙනත් ඕනෑම ස්ථානයකට පහසුවෙන් අගයන් සහ දිශාවන් ලබා ගත හැකියි.

එලෙසම දුර නැවත ගණනය කරනු ලබන්නේ අප පෙර භාවිතා කළ පරිමාණයටමයි.

මේ රූපයේ පෙන්වා සිටින්නේ ඉහත කී නැවත පැමිණිය යුතු ලඟම මාර්ගයයි.

return route
Matcha Green Tea by Purlisse
ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *