තැබිය යුතු පියවර සහ ගණනය කළ දුර(Y) සංසන්දනය කරන්න. මේ අගයන් සමාන නම් ඔබ නිවැරදිව ගණනය සහ ක්‍රියාකාරකම සිදු කර ඇත.

මේ පාඩම් මාලාව යටතේ මෙතෙක් අපි විසින් ඉගෙන ගත් සෑම දෙයක්ම ප්‍රායෝගිකව යොදා ගත හැකි සරල ක්‍රියාකාරකමක් පිළිබඳව දැන් විමසා බලමු. මෙය ඔබට ඉතා පහසුවෙන් ඔබගේ පදිංචි ස්ථානය අවට සුදුසු ප්‍රදේශයක නිරත විය හැකියි. සැබෑ ජිවිතයේ සිතියමක් නොමැතිව මාලිමාව උපයෝගී කරගෙන සිදු කරන Hike එකකට පෙර ඔබේ හැකියාවන් මෙලෙස පරික්ෂා කරගන්න.

Take a food journey around the world

මීටර් 500ක පමණ දිගින් සහ පළලින් යුතු කොටු බිමක් මේ සඳහා තෝරා ගැනීම වඩාත් සුදුසුයි. ගස් සහිත ස්වභාවික පරිසරයක් තුල විවිධ විෂමතා ලක්ෂණ ඇති කුඩා ප්‍රදේශයක් පහසුවෙන් සොයා ගැනීමට ලංකාවේ අපට නම් වැඩි අපහසුවක් නැහැ නේද?

ඔබට ඇති උනන්දුව සහ කැමැත්ත මත වඩා විශාල වපසරියක් වුවද කම් නැත.

එකී පරිසරයේ සුළු දුරක් ඇතුලතට වන්නට පහත විස්තර කරන පරිදි ස්ථානයක් ඔබගේ ගමනේ ආරම්භක ස්ථානය වශයෙන් තෝරා ගන්න. මෙය ඔබගේ ආරම්භක පළමු Waypoint එකයි(A). එය කටු සටහනක සටහන් කර ගන්න. ඔබට පැහැදිලිව පෙනෙන ගසක්, විදුලි රැහැන් කණුවක්, නාන ලිඳක් වැනි ඕනෑම දැනටමත් පිහිටා ඇති Waypoint  එකක් මේ සඳහා සුදුසු වේ.

map reading malimawa

දැනටමත් පිහිටා ඇති Waypoint ගැන ඔබගේ දැනුම මේ සඳහා භාවිතා කරන්න.

Book travel visa at iVisa.com

මෙවන් ස්ථානයක් නොමැති නම් Waypoint එකක් සාදා ගන්නා අන්දම පිලිබඳ අප ඉගෙන ගත් දැනුම උපයෝගී කර ගන්න.

A යනුවෙන් නම් කළ ස්ථානයේ සිට අංශක 90ක කෝණයක් සුදුසු පරිදි කැමති දිශාවකට මාලිමාව උපයෝගී කරගෙන ලබා ගන්න. මෙකී කෝණය ලබා ගන්නා පැත්ත පරිසරය අනුව තීරණය කරන්න. 

අංශක 90 යනු මාලිමාවේ අංශක 90 කෝණය නොවේ. ඔබ තෝරා ගත් පරිසරයේ කෙළින් යා හැකි කෝණයයි. මෙය මාලිමාවේ ඕනෑම අගයක් විය හැකියි. ඔබ මෙහෙදී කළ යුතු වන්නේ සරල රේඛාවක ගමන් කිරීමේ දැනුම භාවිතා කර ගමන් කිරීමයි.

දැන් ඔබ මීටර් 200-500ක පමණ දුරක් (ඔබගේ කැමැත්ත පරිදි සහ ඉඩකඩ අනුව ඊට වඩා වැඩි හෝ අඩු වුවද කම් නැත.) ඉහත කී සරල රේඛාවේ ගමන් කර තවත් Waypoint එකක්(B) ලකුණු කරගන්න.

malimawa 90 walk

ඔබ ගිය මීටර් ගණන මැනීමේදී පියවර මැනීමේ කොටසේදී ඉගෙන ගත් දැනුම අමතක නොකරන්න. 

මේ සඳහා සුදුසු උපකරණයක් නොමැති නම් මීටර් ප්‍රමාණයට ගල් කැට සාක්කුවට දමා ගන්න. (උදාහරණයක් වශයෙන් මීටර් 300 වෙනුවෙන් ගල් කැට 03ක්.) 

B ස්ථානයට පැමිණි පසුව එහි සිට Waypoint එක පෙනෙන දුරකට ඇවිද ගොස් අවට නිරීක්ෂණය කර සටහන් ගන්න. රූපයේ දැක්වෙන ආකාරයට එකී දුර රවුමක් නොවිය හැකිය. හැකි දුරක් සෑම පැත්තටම නිරීක්ෂණය කරන්න.

නැවත Waypoint එකට පැමිණ අංශක 90ක වෙනසක් දකුණු හෝ ඔබ ආරම්භ කළ ස්ථානයට සාපේක්ෂව යා යුතු පැත්තට(වමට) ලබා ගන්න. ඔබගේ ප්‍රදේශය අනුව කැමැති දුරක් ඉදිරියට ඇවිද යන්න. එය මේ රූපයේ දැක්වෙන X අගයයි. සාමාන්‍යයෙන් අපට විස්තර වශයෙන් කටු සටහනේ සටහන් කර ගත හැකි දුරක් මේ ක්‍රියාකාරකම වෙනුවෙන් ප්‍රමාණවත් වේ. 

මේ ගමන් වලදී ඔබ දකින වැදගත් යැයි සැලකිය හැකි විස්තර, සලකුණු, දිය පාරවල් සහ අඩි පාරවල් වැනි දේද සටහන් කර ගන්න. C ස්ථානයට පැමිණි පසුව B ස්ථානයේ සිදු කළ ආකාරයට C Waypoint එකේ සිට විස්තර නිරීක්ෂණය කර සටහන් තබන්න.

Logo 468x60

නැවත C ස්ථානයේ සිට අංශක 90ක කෝණයක් දකුණට ලබා ගන්න. (ඔබ වම් පැත්තට මුල සිට ගමන් කළේ නම් සෑම 90 කෝණයක්ම වමට ලබා ගත යුතුය.) රූපයේ පරිදි D ස්ථානයට ගමන් කරන්න. නැවත පෙර Waypoint වල සිදු කළ ක්‍රියාකාරකම් සිදු කර සටහන් ගන්න.

අවසානයේ නැවත දකුණට ඔබ සටහන් කරගත් X දුර ගමන් කළවිට A ස්ථානය මුණ ගැසිය යුතුය.

map creating
එක් එක් Waypoint එකේ සිට නිරීක්ෂණය කළ හැකි දුරවල් වෙනස්ය. ඒ නිසා කොළ පැහැති ප්‍රදේශ වෙනස් විය හැක.

A ස්ථානයේද අවට පරික්ෂා කර සියලු විස්තර සහිතව පොළවේ සිතියමක් නිර්මාණය කරන්න.

BB Cream SPF 30

A සිට C දක්වා ඇති දුර(Y) ගණනය කර යා යුතු කෝණයද නිවැරදිව මාලිමාව භාවිතයෙන් සොයා ගන්න.

එකී දුර අදාල කෝණයේ ඇවිද ගොස් C ස්ථානය දක්වා තැබිය යුතු පියවර සහ ගණනය කළ දුර(Y) සංසන්දනය කරන්න.

malimawa 90

මේ අගයන් සමාන නම් ඔබ නිවැරදිව ගණනය සහ ක්‍රියාකාරකම සිදු කර ඇත.

ඔබ සටහන් කළ විස්තර උපයෝගී කරගෙන වැඩිදුරටත් ලිඛිත සිතියමක්ද නිර්මාණය කරන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *