“මේ කියන පද දෙකෙන් විස්තර කරන උපකරණය තමයි අනිත් උපකරණ පහේ ප්‍රධානියා කියලා. ඒක නිසා තමයි මේ උපකරණය හොයාගන්න එක මේ තරම් දුරට හංගලා තියෙන්නේ, කිසිම විස්තරයක් නැතිව.”

මුම්බායි චාත්‍රපති ෂිවාජි මහරාජා ගුවන්තොටුපොල

ක්වාලාලම්පුර් දක්වා වෙන් කරන ලද ගුවන් ගතවන යානයේ පිටත්වීම වෙනුවෙන් පැය හයකට වඩා කාලයක් ඉතිරිව තිබුණි. 

“යමන් යන්න බියර් එකක් ගහන්න. පැය හයක් මෙතන ඉඳගෙන ඉන්න ගියොත් මාව මැරෙයි.” 

මුම්බායි ගුවන් තොටුපලේ දෙවන පර්යන්තය වෙතට පැමිණ ගුවන් යානයේ පිටත්වන වේලාව තහවුරු කරගත් යස්වන්ත කියා සිටියේය.

Logo 468x60

“හොඳ  අදහසක් මචං. මටනම් වියදමක් නැතුවම බොන්න පුළුවන්නේ.”

“ඔට්ටු නම් ඔට්ටු. මම කිව්වේ ෆ්ලයිට් එකේදි බියර් කෑන් අරන් දෙනවා කියලා.”

“ප්ලේන් එකේ දුන්නත් එකයි. එයාර්පොර්ට් එකේ දුන්නත් එකයි.”

යස්වන්ත කියා සිටියේය.

“නැහැ නැහැ, අපි ඔට්ටුවේ විදියට කරමු. දැන් මං ගානේ  බියර් එකක් බොමු.”

රුසිරු දෙදෙනාටම ඉඟිකරමින් සොයා සිටියේ ඉතිරි පැය හයක කාලය ගත කිරීමට සුදුසු ස්ථානයකි. මුම්බායි ගුවන් තොටුපල යනු ලෝකයේ තනි ගුවන්පථයකින් යුත් ගුවන් තොටුපොලවල් අතර කාර්යබහුලම ගුවන් තොටුපලයි. ඒ හේතුවෙන් ඉතා විශාල ගුවන් මගීන් ප්‍රමාණයක් දෙවන පර්යන්තය හෙවත් අන්තර්ජාතික ගුවන් ගමන් මෙහෙයවන පර්යන්තයේ රැඳී සිටියේය. 

“අන්න අතන හොඳයි වගේ. අපිට නිදහසේ කතාවකුත් දාන්න පුළුවන්.”

ඉංග්‍රීසි ක්‍රමයට ගොඩනඟා තිබූ අවන්හලකි. 

“ද බියර් කැෆේ.”

“නම නම් හොඳයි. බියර් හොඳ උනොත් ගොඩක් හොඳයි.”

යස්වන්ත කියා සිටියේය. 

නවීන තාලයට ගොඩනගන ලද අවන්හල පිටත සැප පහසුවට සපයා තිබූ ආසන පහසුකම් වෙත ගොස් තිදෙනා ආහාර සහ බියර් ඇනවුම් කළේය.

“මුම්බායි ලන්ඩන් වගේනෙ. මහ ලොකු වෙනසක් නැහැ. ස්ටෙලා බියර් එක ටැප් එකේ ගන්න තියෙනකම්.”

වීදුරු තුන එකට ගෙන එකිනෙකා සමඟ සුබපතා ගන්නා අතරතුර යස්වන්ත කියා සිටියේය.

“චියර්ස් කළා වගේ නෙවෙයි. අපි කොහොමහරි අනිත් කට්ටියත් පරද්දන්න ඕන.”

රීටා කියා සිටියාය.

“කවුද මේ අනිත් කට්ටිය?”

“ඒක ගොඩක් දිග කතාවක්. ලංකාවේ ඉතිහාසය ගැන කියපු අන්තර්ජාල කථාව පැත්තකින් තියලා දැන් මම මේ කතාවෙ ඉස්සෙල්ලා නවත්තපු තැනින් පටන් ගන්නම්.”

“අපිට ඔක්කොම කියන්න. පැය පහක් විතර තව තියෙන හින්දා කිසිම ගැටළුවක් නැහැ. ඉස්සෙල්ලම කියන්න බලන්න ඇයි අපි මැලේසියාවට යන්නේ කියලා. මේ උපකරණය එහෙ තියෙනවා කියලා විශ්වාසද?”

Book travel visa at iVisa.com

“හොඳයි. අහගන්න. මේ කවිය තමයි හැමදේටම මුල.”

“කවිය?”

“ඔව්. එඩ්වඩ් මාමා හැමතැනම ලියලා තියෙන ලුවිස් වාස් ද කැමොඑස්ගේ කවිය. ඕක මටවත් මීට කලින් මාමා කිව්වේ නෑ.”

“ඒ කියන්නේ මේ දේ ගැන රීටා හරියට දැනගෙන හිටියේ නැද්ද?”

“මම දැනගෙන හිටියෙ නෑ. ඒ වගේම මේ විස්තර හරියටම අනිත් කණ්ඩායම දන්නෙත් නෑ. මේ කවිය තමයි ප්‍රධාන යතුර. උපකරණ හොයාගන්න.”

“පැහැදිලිව කියන්න. තේරෙන්නේ නැහැ.”

“ඔහොම ඉන්න මම කවිය ලියපු කොලේ එලියට ගන්නකම්.”

රීටා තම සාක්කුවේ රඳවා තිබූ පත්‍රිකාව අවන්හල අවට විමසිල්ලෙන් බලා සෙමින් එලියට ගත්තාය.

“බලන්න මේකේ පළවෙනි ඡේදය.”

“අහෝ බටහිර ලුසීටානා වෙරල තීරය,

ඔබ මත පවරා ඇති ආයුධ සහ බැරන්වරු,

“මට ගොඩක් විස්තර අහගන්න වෙලාවක් තිබුණෙ නැහැ ඒක නිසා මාමා කෙටියෙන් කියපු දේම කියන්නම්. බටහිර ලුසීටානා වෙරල කියන්නේ, පෘතුගාලයේ ලුවිස් වාස් ද කැමොඑස්ගේ සොහොන තියෙන බෙලෙම් ප්‍රදේශයට ඉස්සර කියපු නම. එතකොට පළවෙනි උපකරණය හම්බ වෙන්නෙ මෙතනින්. රුසිරු කලින් කියපු විදිහට ජර්මනියේ ඩ්‍රෙස්ඩන් නගරයේ ග්‍රීන් වෝල්ට් කියන කෞතුකාගාරයේ හොරු කඩලා ගත්ත උපකරණය.”

“කිසිදාක යාත්‍රා නොකෙරූ මුහුදු මතින්,”

“යුරෝපා ජාතිකයින් හොයාගත්ත නැති ගොඩක් මුහුදවල් මේ කාලේ තිබුණා. ඒත් ලුවිස් ජීවත්වන කාලේ ඉතිහාසය බලද්දි වස්කෝ ද ගාමා අප්‍රිකාව වටෙන් ගිහින් ඉන්දියාවට යන විදිය හොයාගෙන තිබ්බේ. එතකොට යාත්‍රා නොකරපු මුහුද වෙන්නේ ඊජිප්තුවට යන රතු මුහුද. මාමා කියන විදිහට පෘතුගීසීන් ලුවිස්ගේ කාලේ ගොඩබිමෙන් ඊජිප්තුව හරහා ඉන්දියාවට ආවා මිසක් රතු මුහුදේ යාත්‍රා කරල නැහැ. ඒක නිසා ඊජිප්තුව තමයි ඊළඟ හෝඩුවාව. ඒක හරියටම හරි.”

“ඔවුන් තැප්‍රෝබානාවටත් එපිටට යාත්‍රා කලෝය.”

“මෙතන එඩ්වඩ් මාමාට පොඩි ගැටලුවක් තියෙනවා. මොකද ටොලමිගේ සිතියමේ රහස් දිය සලකුණේ තියෙන සටහන් වල තැන් දෙකක් පෙන්නලා තියෙනවා.”

“මහාචාර්යතුමා කොහොමද ටොලමිගේ සිතියම ගැන දන්නේ?”

“හොරු ගාව ටොලමිගේ සිතියම තියෙනවා. ඒක මාමාට පෙන්නලා තියෙනවා.” 

“කොහෙදිද පෙන්නලා තියෙන්නේ, මොකද මම බෝට්ටුවේ ඉද්දි මහාචාර්යතුමා ඒක ගැන දැනගෙන හිටියේ නැහැ.”

“මම හිතන්නේ ඉන්දියාවේදී වෙන්න ඕනේ. ඒත් මට ඒක ගැන අහන්න වෙලාවක් තිබුණෙ නැහැ. මොකද මාමා කලබලෙන් තමයි හැමදේම මට කිව්වේ. ඉස්සර වෙලා අහගන්නකො, මං මේ කියන දේ.  ඕගොල්ලන්ගෙ පරීක්ෂණ කරන්න කලින්.”

“හරි හරි ඔයාගේ කතාව කියන්න.”

“ටොලමිගේ සිතියමේ රහස් සටහනේ මේ කවි පේලියත් එක්ක රටවල් දෙකක් තියෙනවා. එකක් තමයි ඉන්දියාව අනිත් එක තමයි මලක්කා. නැත්නම් මැලේසියාව.” 

“මේ කවිය සිතියමෙත් තියෙනවද?”

“ඔව්. සම්පූර්ණ කවියම නෙවෙයි. පොඩි පොඩි කොටස් හැටියට. ලොකු විස්තර අහන්න එපා. මොකද මාමා මට කිව්වේ ගොඩක් කෙටියෙන්. තැප්‍රෝබානාවට එපිටින් කියලා කිව්වහම මේ රටවල් දෙකම සඳහන් කරලා තියෙනවා.”  

“මෙතන පුදුමේ කියන්නේ ඔයා කලින් කියපු විදිහට ලුවිස් කවදාවත් ලංකාවට ගිය කෙනෙක් නෙවෙයිනේ.”

“ඒ කතාව හරියට හරි යස්වන්ත. ලුවිස් කවදාවත් ලංකාවට ගිහිල්ලා නෑ. ඒ උනාට අපේ මාමා කියන්නේ ලුවිස් කතා කරලා තියෙන්නෙ ලංකාව මූලික කරගෙන කියලා.”

“ලංකාව මූලික කරගෙන?”

“ඔව් රුසිරු, නැත්නම් මොකද ලංකාවට ගිය නැති කෙනෙක්, තැප්‍රෝබානාවට එපිටින් කියලා ලියන්නේ එයා ලියන කවියක ඉන්දියාවේ ජිවත් වෙලා.” 

අසීරුවූ යුධයන් සහ අන්තරා මැදත්,

කැලෑවැදි මිනිස් සමාජ අතරෙහි,

“මේ ගැන විස්තර හොයන්න නම් එඩ්වඩ් මාමාට ප්‍රශ්නයක් වෙලා නැහැ. මොකද මේ පේලි දෙකෙන් කතා කරලා තියෙන්නේ එංගලන්තේ තිබ්බ උපකරණය ගැන.”

“එංගලන්තෙ නැතිවුන උපකරණයද?”

“ඔව්. පන්සලේදී නැතිවෙච්ච උපකරණය.”

“ලංකාව ගැන ද මේ කවියෙන් කියලා තියෙන්නේ?”

“අපෝ නැහැ. මේ කාලේ කැලෑවැදි මිනිස් සමාජයක් ලංකාවේ තිබිලා නැහැ.” 

“ඒක ඇත්ත. දැන් කාලේ තමයි කැලෑවැදී මිනිස්සු ඉන්නෙ ලංකාවේ.”

රුසිරු පැවසුවේ තවත් බියර් වීදුරුවක් ඇණවුම් කරමින් සිනහසෙමිනි.

“ඔහොම බිව්වොත් මැලේසියාවට නෙවෙයි. කැලෑවට තමයි යන්න වෙන්නේ.”

“බයවෙන්න එපා කෙල්ලේ, බියර් දෙකක් බිව්වා කියලා මම වෙරි වෙන්නේ නැහැ.”

“ඒක ඇත්ත. ඒත් අපිට මැලේසියාවේදී ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණොත්. සිහියෙන් ඉන්න එක නේද හොඳ?”

“ඉන්දියාවේදී ඇතිවුණු ප්‍රශ්න නිසා ඒ ගැන ඔක්කොම දේවල් මම ලෑස්ති කරල තියෙන්නෙ. බයවෙන්න එපා.” 

රුසිරු පවසා සිටියේය. 

“කෝ ඔයාගේ කතාව? ඒක කියල ඉන්නකො. කොහෙද ඔය කැලෑව තියෙන්නේ?”

“මේ උපකරණය ගැන කලිනුත් මාමා විස්තර මට කියලා තිබ්බා. රුසිරුත් දන්න විදිහට එඩ්වඩ් මාමා මේ ගැන පරීක්ෂණ කළා. මේ උපකරණය තිබ්බේ ලන්ඩන් කෞතුකාගාරයේ. ලංකාවේ පූජා භාණ්ඩයක් විදියට.”

“එතකොට ලන්ඩන් ගැනද මේ කතා කරල තියෙන්නෙ?”

“අපෝ නැහැ. ලන්ඩන් මේ වෙනකොටත් ලොකු නගරයක්.”

“එහෙනම් කොහෙද?”

“සෙයුටා.”

“සෙයුටා කියන්නේ ස්පාඤ්ඤයේ සෙයුටාද?”

යස්වන්ත විමසා සිටියේය.

“හරියට හරි යස්වන්ත.”

“පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න. ලන්ඩන් කැලෑවක් නෙවෙයි නම් ඔය කාලෙ, ස්පාඤ්ඤය  කැලෑවක් වෙන්න විදිහක් නැහැ.”

Take a food journey around the world

“රුසිරු දන්නවද සෙයුටා කොහෙද තියෙන්නෙ කියලා?”

“නැහැ. ඒත් මම ස්පාඤ්ඤය නම් දන්නවා.”

“සෙයුටා තවමත් ස්පාඤ්ඤයට අයිති නගරයක් වුණාට පිහිටලා තියෙන්නේ අප්‍රිකානු මහද්වීපයේ.”

“දැන් මතකයි. ජිබ්‍රල්ටා අර්ධද්වීපයට අනිත් පැත්තෙ නේද?”

“හරියටම හරි. අප්‍රිකාවයි යුරෝපයේ වෙන්කරන තැන. අප්‍රිකාව පැත්තේ, මොරොක්කෝව මායිම් උන පොඩි ස්පාඤ්ඤ නගරයක්.” 

රීටා පවසා සිටියේ ඇය අතවූ ජංගම දුරකථනයෙන් ජිබ්‍රල්ටා සමුද්‍ර සන්ධිය  පෙන්වා සිටිමින්ය.

“මේ නගරය ගොඩක් පැරැණි නගරයක්. රෝම අධිරාජ්‍යයේ පාලනයට යටත්ව තිබූ ප්‍රදේශයක්. දැනට අවුරුදු හතර පහකට ඉස්සෙල්ලා මාමා මේ නගරයට ගියා, නගරයේ බලකොටුව කිට්ටුව තිබ්බ පැරණි සොහොන් කිහිපයක් පරික්ෂා කරන්න. ඒකෙදි තමයි මේ ස්ථූප උපකරණය ගැන අපේ මාමාට උනන්දුවක් ඇතිවෙන්න කාරණා සිද්ධ වෙලා තියෙන්නේ.”

“ඊජිප්තුවේදී රුසිරුට හම්බ වුණ ඩොක්ටර් වසීම් වගේ පිරිසක් මේ නගරයේදී මාමාට හම්බවෙලා තියෙනවා. ඒගොල්ලො ජුදා ජාතිකයෝ. ඒත් සිංහල හොඳින් කතා කරන පිරිසක්. සොහොනෙ තිබ්බ උපකරණය සහ තවත් පැරණි භාණ්ඩ හොයාගන්න උදව් කරල තියෙන්නෙ මේ කට්ටිය.”

“රීටා කොහොමද මේ තරම් විස්තරයක් දන්නෙ?” 

“මට මීට කලින් මේ දේවල් මාමා කිව්වා කියලා මම දැන් එක පාරක් කිව්වේ. වෙරිද රුසිරුට?” 

 “ඉතින් ඒ පිරිස ඇයි මේ උපකරණය මහාචාර්යතුමාට දුන්නෙ?”

“සෙයුටා වල පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන් අප්‍රිකානු සරණාගතයින් යුරෝපයට එන්න පහසුම විදිහක් හැටියට මේ නගරය භාවිතා කරනවා. ඒක හින්දා ආරක්ෂාව මදි. අනික මේ උපකරණය කැණීම්වලදි හම්බ වුණ එකක් නෙවෙයි.”

“එහෙනම්?”

“මාමාට මේ ජුදා ජාතිකයෝ පිරිස විස්තර කරලා තියෙන විදිහට ඒ කතාවයි, රුසිරු කියපු ඩොක්ටර් වසීම්ගේ කතාවයි එක සමානයි. මේ අය කැමැත්තෙන්ම උපකරණය බාරදීලා මාමාත් එක්කම එංගලන්තේ කෞතුකාගාරයේ රැකියා සඳහා ඇවිල්ලා තියෙනව. හැබැයි මට නම් හම්බවෙලා නැහැ.”

“ඒ කියන්නේ ලංකාවෙන් පැමිණි පිරිසක්?”

“ඔව්. ඒක හින්දා තමයි ස්ථූප උපකරණය බෞද්ධ පුරාවස්තුවක් වෙලා තියෙන්නෙ. ලන්ඩන් කෞතුකාගාරයේ විස්තරවලට අනුව.” 

“බලහන් යස්වන්ත, උඹලගෙ ආරක්ෂාව එක්ක කවුරුත් හිතන්න නැතුව ඇති ඕක නැතිවෙයි කියලා.”

“හරි හරි යාළුවො රණ්ඩු වෙන්න ඕනේ නැහැ. මේ කවියේ අපිට වැදගත්ම කොටස තමයි අන්තිම කෑල්ල.” 

“බලාපොරොත්තුවූ මිනිස් ශක්තීන් ඔබබවා,

ඔවුන් අති උත්කෘෂ්ටයි සැලකුණු නව රාජධානියක් පිහිට වූවෝය.”

“මාමා නම් කියන්නේ මේ කොටසෙ තමයි වැදගත්ම අදහස තියෙන්නෙ කියලා. එත්  මේක තාම හරියට තේරුම්ගන්න හම්බ වෙලා නැහැ. ඒ ගැන තමයි ගොඩාක් පරීක්ෂණ අන්තිම දවස් ටිකේ කර කර හිටියේ.”

“පොඩ්ඩක් ඉන්න කෙල්ලේ, ජර්මනියේ එකයි, ඊජිප්තුවේ එකයි, ඉන්දියාව, අපි යන මැලේසියාව, සෙයුටා. ඔක්කොම උපකරණ පහ හරිනේ.”

“ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නෙ. හැමතැනම කියැවෙන්නේ උපකරණ පහක් ගැන. ඒත් මාමා  හිතනවා සමහරවිට හයක් තියෙන්න පුළුවන් කියලා. මේ පේලි දෙකෙන් කියවෙන රහස් උපකරණය, හයවෙනි එක ප්‍රධානම උපකරණය කියලා තමයි මාමා නම් හිතන්නේ.”

“මොකක්ද එහෙම හිතන්න හේතුව? පුස්කොළපොත් වල තිබිච්ච දෙයක් ද?”

“නැහැ, එහෙම කිසිම සඳහනක් කොහෙවත් නැහැ.”

“එහෙම නම් නිකන් හිතපු දෙයක් ද?”

“මාමා ටොලමිගේ සිතියම සීගිරියේ සිතියමක් කියලා දැනගත්තට පස්සේ එතන පරීක්ෂා කරන්න කියලා ගිහිල්ලා තියනවා. ඒ සිතියමේ පෙන්නලා තියෙන විදියටම පර්වත උද්‍යානයේ ගල් පිහිටලා තියෙනවා.”

“මේ වගේ විශේෂ කාරණයක් ලංකාවට ඇවිල්ලා පරික්ෂා කරනවා නම් අපි දැනගන්න ඕනෙනේ.”

“හොඳ වැඩේ එංගලන්තෙට බොරුවට බැන්නට ලංකාව අඩුම ගානේ මහාචාර්යතුමාගේ හොර වැඩේවත් දන්නෙ නැහැ.”

යස්වන්ත පවසා සිටියේ සිනහමුසුව ප්‍රතිප්‍රහාරයක් එල්ල කරමිනි.

“නවත්ත ගන්නකො ඔය දෙන්නගෙ වලිය. මාමා පුරාණ අක්ෂර ගැන පරීක්ෂාවට අවසරයක් ගත්ත මිසක් පර්වත පරීක්ෂාව කියලා සඳහන් කළේ නැහැ.”

Body Butter by Purlisse

“ඒක මිසක්. නැත්නම් අපෙන් බේරිලා මැස්සෙකුටවත් යන්න බැහැ.”

රුසිරුගේ කතා ස්වරූපයට තිදෙනාම මහ හඬින් සිනාසුණි. 

“ඉතින් රීටා, මොනවද මහාචාර්යතුමා හොයාගත්තේ?”

“ඔයගොල්ලන්ගේ මහ ලොකු ආරක්ෂාව හින්දා අඩුම ගානේ ඩ්‍රෝන් එකක්වත් යවන්න දීලා නැහැ.”

“අන්න ඒකනේ මම කිව්වේ. අපි තමයි හොඳම.”

රුසිරු කමිසයේ කොලරය ඉහලට ඔසවමින් ඔච්චමට මෙන් අභිමානයෙන් කියා සිටියේය.

“අහගන්නකො කෝලම් කරන එක නතර කරලා. බොහොම අමාරුවෙන් මේ වයසක මනුස්සයා ගල් උඩ බඩගාලා හොයාගෙන තියනවා, උපකරණය ඇතුල් කරන්න පුළුවන් තැන් හයක්. මේකෙ පහක්ම එක සමානයි. හයවෙනි එක තරමක් විශාලයි.”

“එහෙනම් ඒක අදාල දෙයක් නොවෙන්න පුළුවන්.” 

“මාමා නම් කියන්නේ අදාල වෙන්න පුළුවන් කියලා.”

“කෝ බලන්න ඔය කොලේ දෙන්න.”  

 “බලාපොරොත්තුවූ මිනිස් ශක්තීන් ඔබබවා,

ඔවුන් අති උත්කෘෂ්ටයි සැලකුණු නව රාජධානියක් පිහිට වූවෝය.”

“මහාචාර්යතුමා මේක ගැන මොකක් හරි ගොවේදී කිව්වද?”

“ඔව් කිව්වා.”

“මොනවද?”

“මේ කියන පද දෙකෙන් විස්තර කරන උපකරණය තමයි අනිත් උපකරණ පහේ ප්‍රධානියා කියලා. ඒක නිසා තමයි මේ උපකරණය හොයාගන්න එක මේ තරම් දුරට හංගලා තියෙන්නේ, කිසිම විස්තරයක් නැතිව.”

“කිසිම විස්තරයක් නැද්ද?”

“එක හෝඩුවාවක් තියෙනවා.”

“මොකක්ද ඒ?”

“ටොලමිගේ සිතියම.”

“ඒකෙ මොනවද තියෙන්නේ?”

“අනිත් හැම කවි පදවලින් පොඩි කොටසක් විතරයි දිය සලකුණුවලින් සඳහන් කරලා තියෙන්නේ. ඒත්  මේ කවි පේලි දෙක පැහැදිලිව සිතියමේ පිටිපස්සේ විශේෂ වචනයක් පැහැදිලි වෙන්න ලියලා තියෙන්නේ.”

“ඒ කිව්වේ?”

“සිතියම තියන පැත්තේ තැප්‍රොබානා කියන ලොකුවට ලියලා තියෙන වචනයේ පිටිපස්සේ, අකුරෙන් අකුර උඩ මේ මුළු කවි පේලි දෙකම ලියලා තියෙනවා.”

“ඒ කියන්නේ කාටවත් පේන්නේ නැති වෙන්න?”

“ඔව්. ඒ වගේම මාමා නම් හිතන්නේ මේ උපකරණය තවම තියෙන්නේ තැප්‍රොබානාවෙ කියලා.”

“ඒ කියන්නේ සීගිරියෙද?”

“නැහැ ළමයො. ලංකාවේ..”

නවකථාවේ අලුත් කොටසක් සෑම සඳුදා දිනකම..

Book travel visa at iVisa.com

(මේ කතා මාලාවේ සියලුම හිමිකම් කතෘ සතුවේ.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Related Posts
cag novel

CAG දහතුන්වන කොටස

කැටපත් පවුර සාක්ෂියක් මේ භාෂා වෙනස පුදුම ඉක්මනට මුළු රට පුරාම වෙලා තියෙන එකට. ඒ කාලේ ඉන්ටර්නෙට්වත් තිබුන නම් හිතන්න තිබ්බා. මෙච්චර ඉක්මනට තොරතුරු හුවමාරු වෙයි කියලා. අනික වෙනස් වුණු භාෂාවක්, මුළු රට පුරාම පැතිරෙන වේගය, ටිකක් ලොකු පුදුමයක් නෙවෙයිද?
cag novel sinhala

CAG පහළොස්වන කොටස

සුළු මොහොතක් ගත විය. රීටා සිටි දෙසින් වෙඩි හඬවල් දෙකක් එක විට ඇසෙන්නට විය. වහා ස්ථූප උපකරණය ගලවා ගත් රුසිරු වහලය මත සිටම විමසා බැලුවේ රීටා හට කුමක් සිදුවීද යන්නයි.
fly

CAG අටවන කොටස

“අපට කතා කර කර සිටීමට වෙලාවක් නෑ, මාගේ අසු සූදානම්. වහා ගොඩවන්න. මේ දැන්ම අප මාන්තොට වෙත පලාගොස් නෞකාවක් අතර සැඟවී භාරතයට අපගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් පලා යා යුතුයි.”
cag novel

CAG දහසයවන කොටස

පැහැදිලිව රාජකීය සමාජයේ නිසි ස්ථානයක් කාශ්‍යපට ලැබී තිබුණේ නැත. මවගේ කුලය හේතුවූ මේ කාරණය කුඩා කාශ්‍යපගේ සිතට තදින්ම බලපෑ හැඟීමකි.
Total
0
Share